දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“පටලගන්න එපා.. ආයෙ එහෙම වෙන්නෙ නෑ” - නලින්දගෙන් අවවාදාත්මක සහතිකයක්!
Homeප්‍රවෘත්ති

“පටලගන්න එපා.. ආයෙ එහෙම වෙන්නෙ නෑ” - නලින්දගෙන් අවවාදාත්මක සහතිකයක්!

PropellerAds

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඊයේ  (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසූවේ ...

අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ ගසා Born Again නිකායට හරවති
ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂය සමග ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඊයේ  (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසූවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් ය.  

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ රටේ ආරක්ෂාව වෙනුවෙන් යම් කෙනෙකුව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට හැකි නමුත් ආණ්ඩුවක් ලෙස සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් ය.

 “අන්තවාදය වපුරණ, ප්‍රචණ්ඩත්වයට නැඹුරුවීමේ හැකියාවක් පවතින යම් පුද්ගලයින් පිළිබඳව රජයට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රදේශත් ජනාධිපතිතුමා කිව්වා. අපි හිතන්නේ නෑ ඒ පුද්ගලයින් ඒ ප්‍රදේශවල සිටම කටයුතු කරනවා ඇති කියලා. ඒ ජාලයට සම්බන්ධ අය ගැන විමර්ශන සිදුකරමින් යනවා.

එම සැකකටයුතු අය ගැන විමර්ශන කරන එක රජය සතු වගකීමක්. ඒ සියලුදේ කරන්නේ ඒ තනි පුද්ගලයාට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. අනතුරක් වලක්වාගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමර්ග ගන්නවා. දෙයක් සිද්ධ වුනාට පස්සේ තොරතුරු ලැබිලා තිබුණා මුකුත් කළේ නෑ වගේ දේවල් අහන්න උවමනාවක් වෙන්නේ නෑ.

ලැබෙන සුළු තොරතුර මත පවා විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ විමර්ශන වලින් ඔප්පු වුනොත් එහෙම එකක් නෙමෙයි කියලා ඒ පුද්ගලයා නිදහස් වෙනවා. නැත්නම් ඒකට සම්බන්ධ ජාලය පිළිබඳ විමර්ශන කරනවා. එහෙම තමයි මීට පෙර අර සංචාරක ස්ථානයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරලා අවශ්‍ය අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා ජාතික ආරක්ෂාව තහවුරු කළේ.  

ඒ නිසි මම ඔබෙන් ඉල්ලනවා ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා ගන්න එපා. ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදී ක්‍රියා කොයි පැත්තෙන් වුණත් එන්න පුළුවන්. ඒවාට යම් කෙනෙක් ගැන අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමක් සිදු කරනවා නම් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව ප්‍රශ්න කරාට කමන් නෑ. නමුත් ඒ විමර්ශන කටයුතු වලටත් යන්න ඉඩ දෙන්න. ආණ්ඩුවක් ලෙස අපි සියලු ජනතාවගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරනවා.

ඒ ගැන හොඳ විශ්වාසයක් තියනවා කියලා මම හිතනවා. කාටත් අපි හානියක් කරන්නේ නෑ. නමුත් යලිත් වතාවක් රටේ  ආනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙලා රටේ ජන ජීවිත අපහසුතාවයට ලක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. “


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “පටලගන්න එපා.. ආයෙ එහෙම වෙන්නෙ නෑ” - නලින්දගෙන් අවවාදාත්මක සහතිකයක්!
“පටලගන්න එපා.. ආයෙ එහෙම වෙන්නෙ නෑ” - නලින්දගෙන් අවවාදාත්මක සහතිකයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSVNMbZxrzaBcysHCtuC8Y8WY5BjghgAiitfgHEhDPOlYsuNiXkO868FWFMYuGPaL71mbSvDyfIQNcrWzQFlA_8Y4uwQN8oza2NlK5D7n0dczZgLakSkXUMZxee2VdLgIDuEr5UxSXQ7CHxQaj4O71d5y8aJYTOJce2-V9wyZ2_EImG_e85-Ss_7YUwsQP/s320/nalinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSVNMbZxrzaBcysHCtuC8Y8WY5BjghgAiitfgHEhDPOlYsuNiXkO868FWFMYuGPaL71mbSvDyfIQNcrWzQFlA_8Y4uwQN8oza2NlK5D7n0dczZgLakSkXUMZxee2VdLgIDuEr5UxSXQ7CHxQaj4O71d5y8aJYTOJce2-V9wyZ2_EImG_e85-Ss_7YUwsQP/s72-c/nalinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy