දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිතුමනි..අපේ රැකියා බේරා දෙන්න" - කොරියාවේ සිට පැමිණි තරුණයින් 500 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ! (EXCLUSIVE)
Homeප්‍රවෘත්ති

ජනපතිතුමනි..අපේ රැකියා බේරා දෙන්න" - කොරියාවේ සිට පැමිණි තරුණයින් 500 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ! (EXCLUSIVE)

PropellerAds

ද කුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ රැකියා අවස්ථා අහිමි වීමේ අවධානමක් මේ වනවිට මතුව තිබෙනවා. දැනට 500 කට ආසන්න තරුණයින් පිරි...

ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි
"70 වසරක් තුවාලේ වැඩි කළ උන් පන්නන්න ඕනේ" - සමන්ත
ඌව මහ ඇමති අත්අඩංගුවට
කුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ රැකියා අවස්ථා අහිමි වීමේ අවධානමක් මේ වනවිට මතුව තිබෙනවා.

දැනට 500 කට ආසන්න තරුණයින් පිරිසක් නිවාඩුවට මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ පැමිණි අයයි.
මේ වන විට ඉන් බහුතරය ස්වයං නිරෝධනයට ලක් වී  එය සාර්ථකව අවසන් කල බවට වූ සහතිකයද ලබා ගෙන තිබෙනවා.

නමුත් මේ වන විට ඔවුන් රැකියාවල නිරතවන සේවා ආයතන විසින් දැනුම් දී ඇත්තේ ආයතනික අවශ්‍යතාවයන් මත  වහාම යළි සේවයට වාර්තා කරන ලෙසටයි.

කොරියන් කම්කරු නීතියට අනුව යම් සේවකයෙකු,සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව  අදාළ ආයතනය විසින් එරට කම්කරු කාර්‍යාලයට ලිපියක් යොමුකරන අතර එම කාර්යාලයෙන් ලබා දෙන ලිපිය දින 28 ක් ඇතුලත අදාළ සේවකයා විසින් ලබා ගත යුතු වෙනවා.

නොඑසේනම් එම සේවකයාට දකුණු කොරියාවෙන් රැකියාවක් ලබා ගැනීම තබා වීසා ගැනීමටද අපහසු තත්වයක් උද්ගත වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඇතැම් සේවකයින්හට අදාළ ආයතන නිවාඩු ලබා නොදීම නිසා ඔවුන් තමන් රාජකාරි කල ආයතනවලින් ඉල්ලා අස් වී පැමිණ තිබෙන අතර එරට නීතියට අනුව දින 90 ක් තුලදී නව රැකියාවක් සොයා ගත යුතු වෙනවා.

එහෙත් ඉහත කරුණු දෙකටම මුහුණ පා ඇති සියලූම සේවකයින්ගේ රැකියා අවස්ථා අහෝසි වීමේ අවදානමක් මේ වන විට ඇතිව තිබෙන බවයි මෙම ශ්‍රමිකයින් පෙන්වා දෙන්නේ.අදාළ දින සීමාව නුදුරේදීම ඉක්මවා යෑම එයට හේතුවයි.

මේ වන විට  මෙරටින් දකුණු කොරියාව බලා කිසිඳු ගුවන් යානයක් ගමන් නොකිරීම නිසා මෙරටට පැමිණි කිසිම තරුණයෙකුට කොරියාව බලා යාමට අවස්තාවක් නොමැති බවයි එම තරුණයින් ප්‍රකාශ කරන්නේ.

දැනට එවැනි පහසුකමක් ඇත්තේ එක් ගුවන් සේවා සමාගමක පමණක්  වන අතර කොළඹ සිට කොරියාවට "යාමට" පමණක් ඔවුන්ගේ ටිකට්පතක මිල රුපියල් ලක්ෂ තුනකට ආසන්නයි.

එමෙන්ම එය පැය 24 කට ආසන්න කාලයක් කටාර් හි රැදී සිටින අතර එම කාලසීමාව තුල අවශ්‍ය නවාතැන් හෝ වෙනත් කිසිම පහසුකමක් ඔවුන් විසින් සිය ගුවන් මගීන්ට ලබා දෙන්නේ නැහැ.

එබැවින් එම ගුවන් සේවයේ පහසුකම ලබා ගැනීමට තරම් බොහෝ දෙනාට වත්කමක් නොමැති අතර,ඇතැම් ශ්‍රමිකයින් දීර්ඝ කාලීන වීසා  සඳහා අවශ්‍ය ඉතුරුම් මුදල් එරට බැංකුවල තැන්පත් කර තිබෙන අතර දැන් එවාද ලබා ගත නොහැකි තත්වයක් මතු වී තිබෙනවා.

එබැවින් මෙරට රැඳී සිටින දකුණු කොරියානු ශ්‍රමිකයින් ඉල්ලා සිටින්නේ 500 කට ආසන්න පිරිසෙන් බහුතරයක් මෙම ගැටලුවට මුහුණ පා ඇති බැවින් ඔවුනට දිවයිනෙන් පිටත් වීම සඳහා හෝ ගුවන් යානයක් ලබා දෙන ලෙසයි.අවශ්‍යනම් වැඩි මිලකට හෝ ටිකට් පත් ලබා ගැනීමට තමන් සූදානම් බවද ඔවුන් කියා සිටිනවා.

මෙම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට අහිමිවුවහොත් එම අවස්ථාව වෙනත් රටකට ලැබෙන අතර එවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විදේශ විනිමයටද එය සැලකියයුතු ලෙස බලපෑමක් එල්ල කරනු ලබනවා.

මේ වන විට දකුණු කොරියාවේ අදාළ ප්‍රදේශවල කොරෝනා අවධානම අවම තත්වයක පවතින බවයි ඔවුන් කියා සිටින්නේ.

එබැවින් තමාගේ මෙම ප්‍රශ්නය කෙරෙහි සංවේදීවන ලෙසට ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිතුමනි..අපේ රැකියා බේරා දෙන්න" - කොරියාවේ සිට පැමිණි තරුණයින් 500 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ! (EXCLUSIVE)
ජනපතිතුමනි..අපේ රැකියා බේරා දෙන්න" - කොරියාවේ සිට පැමිණි තරුණයින් 500 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ! (EXCLUSIVE)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvqWlMwN3HWp8K5wKGj9I0xTSxAWwa0sGyRj_uOtKsdV9IaxBnKNOBtSvXzeirPo1ZOVtr_aiCeCNejsOHRauvhmh7wkfr_SFKBmyyAggqsuzjHcBcxrvnHhn2tiuTSlc_IPLq7EDs0hKI/s320/f1be0aad56d58c12ddbccdb2a509d638c542253d.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvqWlMwN3HWp8K5wKGj9I0xTSxAWwa0sGyRj_uOtKsdV9IaxBnKNOBtSvXzeirPo1ZOVtr_aiCeCNejsOHRauvhmh7wkfr_SFKBmyyAggqsuzjHcBcxrvnHhn2tiuTSlc_IPLq7EDs0hKI/s72-c/f1be0aad56d58c12ddbccdb2a509d638c542253d.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/500-exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/500-exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy