අවුරුදු 70ක් තුවාලේ වැඩි කරපු එවුන් පන්නන්න ඕනේ බව ජනතා විමුක්ති පෙරෙමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඒ ඊයේ (22) ...
අවුරුදු 70ක් තුවාලේ වැඩි කරපු එවුන් පන්නන්න ඕනේ බව ජනතා විමුක්ති පෙරෙමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඒ ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දුප්පතාගේ දුක තේරෙන්නේ දුප්පත් එකෙකුට. ගොවියාගේ අමාරුව තේරෙන්නේ ගොවිතැන් කරපු එකෙකුට. මෙතුවක් කල් මේ රටේ ජනතාව තුවාලේ තියෙන මිනිස්සු. තුවාල නැති අනුරලට, ලක්ෂ්මන්ලට, හරින්ලට, නිමල්ලට, ඩිලාන්ලට, මෛත්‍රිලට, රනිල්ලට, මහින්දලට ඡන්දේ දුන්නා. උන් මොකද කළේ කවදාවත් කරගැටයක් මතු වෙච්ච නැති අත්වලින් කතිරේ ගැහුවා කරගැට මතු වෙච්ච මිනිස්සු. උන් මොකද කළේ උන් ගියා. අපේ තුවාල වලට බෙහෙත් දැම්මා. ප්‍රතිපත්ති ගෙනාවා. වැඩපිළිවෙල ගෙනාවා. තුවාලේ වණයක් වුණා. දැන් වේදනාව වැඩි. ඕජස් ගලනවා. අමාරුව ඇවිල්ලා. 70 වසරක් කුණු වෙච්ච තුවාලේ දැන්වත් අපට භාර දෙන්න. ඒක ගොඩ ගන්නම්. තුවාල ඇති මිනිස්සු අපි.”
“අපි මේ අත් වලින් අදේට කුඹුරු කෙටුවා, අපි ගල්වලවල් වල ගල් කැඩුවා, ඒ වගේම අපි ගඩොල් ටික කපුවා, ඒ වගේම අපි හේන් කෙටුවා. එහෙම කරපු කණ්ඩායමක් මේ ඉල්ලන්නේ. තුවාලේ ඇති මිනිහට තුවාලේ භාර දෙන්න. අවුරුදු 70ක් තුවාලේ වැඩි කරපු එවුන් පන්නන්න ඕනේ. 2020දී අපි සූදානම් වෙලා තියෙනවා තුවාල කාරයන් අතර ඉන්න හොඳ සමාජ බුද්ධියක් තිබෙන, හැකියාවක් තියෙන, ජනයා ගැන හිතන, රට ගැන හිතන මිනිස්සු එක පෙරමුණකට ගේන්න. මහා දැවැන්ත ජන පෙරමුණක් හදනවා. ඒක මේ අවුරුද්දේ අවසානයේ හෝ ලබන අවුරුද්දේ එළියට අපි ගේනවා. මහා ජන පෙරමුණක් ගොඩ නගන්න දැන් වැඩ ආරම්භ කරලා තියෙන්නේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS