පාසල් විදුහල්පතිනියක් දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පොලීසියට බාර වී තිබේ. නීතිඥයෙන් මාර්ගයෙ...
පාසල් විදුහල්පතිනියක් දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පොලීසියට බාර වී තිබේ.
නීතිඥයෙන් මාර්ගයෙන් ඒ මහතා අද(23) දින බදුල්ල පොලීසියට බාර වී ඇත.
කෙසේ වෙතත් එහිදී මහ ඇමතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ඇති බවයි වාර්තා වේ.
මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් ඊයේ (22) එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
මෙම විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.
අත්අඩංගුවට ගත් ඔහු අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS