මෘ ත දේහ බහාලන කවර දහසක් රතුකුරුස සංගමයෙන් ඉල්ලා සිටිම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කරයි...
මෘත දේහ බහාලන කවර දහසක් රතුකුරුස සංගමයෙන් ඉල්ලා සිටිම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කරයි.
ඔහු සදහන් කරන්නේ මෙම කවර කොරෝනා මළ සිරුරු බහාලීම සදහාම නිර්මාණය කරන ලද ඒවා නොවන බවයි.
මෙම කවර ඔ්නෑම අාපදා අවස්ථාවන්හිදී මල සිරුරු බහාලීමට යොදා ගන්නා බවත් ඒවා ඕනෑම රටක ගබඩා කර තබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.
පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී මළ සිරුරු බහාලීම සඳහා මෙම කවර භාවිතා කළ බවද ඔහු සිහිපත් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය කරන සියළුම දේවල් ගබඩා මට්ටමේ පවත්වා ගැනීම කාලයක් තිස්සේම සිදුවන දෙයක් බවත් එයින් තොරව මෙම ඉල්ලීම විශේෂ තත්ත්වයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS