පුද්ගලයින් 3300 කට විදේශගතවීමට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තා විධිමත් කාර්ය පටිපාටියෙන් බැහැර අනුමැතියකින් ලබා දී ඇතැයි අල්ලස් හෝ දූෂණ ව...
පුද්ගලයින් 3300 කට විදේශගතවීමට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තා විධිමත් කාර්ය පටිපාටියෙන් බැහැර අනුමැතියකින් ලබා දී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉහළ පරිපාලනයේ බලපෑම මත මෙලෙස නීති විරෝධී ලෙස පවුල් පසුබිම් වාර්තා ලබාදී ඇති බව දන්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් වන සාක්ෂි කරුවෙකු වෙත කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙත තොරතුරු වාර්තා වී ඇත.
එම සාක්ෂිකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහතින් දැක්වේ.
- රංජිත් නිශාන්ත
COMMENTS