එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) දහවල් පැවැත්වෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළව ...
රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂ නායකත්වය හැර කරූ ජයසූරිය මහතා වෙත ව්‍යවස්ථානුකූලව පැවරිය හැකි සියලුම බලතල පවරා දීමට එකඟ වී ඇති බව පසුගිය බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණ ද ඉන් ඉදිරියට එය ක්‍රියාවට නැංවී නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ඒ අනුව එජාපයේ අර්බුදය තවමත් ඒ ආකාරයෙන්ම පවතිද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සාර්ථක ලෙස සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.
මේ අතර එජාපය සහ සමගි ජන බලවේගය අතර ගැටළුව තවත් සංකීර්ණ කෙරෙන පියවරක් ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ඇති බව ආරංචිමාර්ග පැවසීය. ඒ, සජිත් ප්‍රේමදාස මහතාගේ සන්ධානයේ නාමයෝජනා මණ්ඩලය නියෝජනය කරන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන හිටපු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා මණ්ඩලයට ද පත් කිරීමෙනි.
COMMENTS