පාර්ලිමේන්තුවට ගෙන එන ලද සිමා නිර්ණ වර්තාව පරාජය විම නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලද පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එම ධ...
පාර්ලිමේන්තුවට ගෙන එන ලද සිමා නිර්ණ වර්තාව පරාජය විම නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලද පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සි.බි.රත්නායක මහතා කියා සිටියේය.
සි.බි රත්නායක මන්ත්‍රිවරයා ඒ බව කියා සිටියේ ඊයේ (26) හැටන් ප්‍රදේශයේ ප්‍රධාන උත්සව ශාලාවක පැවති විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙහිදි වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවට එම වාර්තාව ගෙන එන ලද විෂයභාර අමාත්‍යයවරයා එම වාර්තාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කල බවයි.
නව ක්‍රමයකට හෝ පැරණි ක්‍රමයටම පලාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් එම ක්‍රම දෙකටම වුවද මැතිවරණයට මුහුණ දිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බවද සි.බි.රත්නායක මහතා කියා සිටියේය.
2020 වසරේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, එම අපෙක්ෂකයා පිලිබද අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කරන ප්‍රකාශ විහිළු සහගත බවයි සි.බි රත්නායක මහතා කියා සිටින්නේය.
පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ඒක පාර්ශිකව කටයුතු කිරිම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරිතර භාවයට මේ වන විට හානි සිදු වි ඇති බවද සි.බි රත්නායක මහතා මේ මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS