ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිප...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැසුම්කර තිබේ.
2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසිවලට අදාළව මෙම විගණන වාර්තාව සකස්කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඇමෙරිකාවේ බැඳුම්කර වෙන්දේසි විගණනය කරන සමාගමක් ඒකාබද්ධව මෙම විගණන වාර්තාව සකස් කර තිබේ.
ඒ සඳහා රුපියල් මිලියන පන්සියයකට අධික මුදලක්ද වැය වී ඇත.
කෙසේ වෙතත් මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අත්හිටුවන ලෙස නීතිපතිවරයා කථානායකවරයාට දැනුම් දී තිබුණි.
ඒ අනුව විගණන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මේවන විට නතරවී ඇති අතර එබැවින් පාර්ලිමේන්තුව උත්තරීතර බව සලකා නීතිපතිවරයාට එරෙහිව මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේ වෙතත් වෝහාරික විගණන වාර්තාව පිළිබඳව ලබන 21 වැනිදා අවසන් තීරණයක් ගන්නා බව මේවන විට කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.
මූලාශ්‍රය - අරුණ

COMMENTS