දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
vimal weerawansha
Homeප්‍රවෘත්ති

vimal weerawansha

PropellerAds

උ තුරු – නැඟෙනහිර දමිළ ජනතාව මුහුණ දී ඇති අභියෝග සහ ගැටළු හඳුනාගනිමින් ඒවා විසඳීමට ගතහැකි පියවර ඇතුළත් යෝජනාවලියක් ජානිපෙ නායක විමල් වීරවංශ...

සම්බන්ධන් රෝහල්ගත කරයි
මීගමුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 2ක් මරුට
ලෝක පාපන්දු කුසලානය පළමු වරට ලංකාවට
තුරු – නැඟෙනහිර දමිළ ජනතාව මුහුණ දී ඇති අභියෝග සහ ගැටළු හඳුනාගනිමින් ඒවා විසඳීමට ගතහැකි පියවර ඇතුළත් යෝජනාවලියක් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විසින් අන්තවාදය පිටු දකින, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය පිණිස කැප වී සිටින උතුරු නැඟෙනහිර දමිළ නායකයන් පිරිසකට පිළිගැන්වීය. මෙම කටයුත්ත තලවතුගොඩ ග්‍රෑන්ඞ් මොනාක් හෝටලයේදී දෙපිරිස අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිදු කෙරිණි.


එම කටයුත්තෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක් වූ විමල් වීරවංශ මහතා පැවසුවේ ඉහත යෝජනාවලිය මගින් උතුරු – නැඟෙනහිර ජනතාවට සාධාරණය ඉටුකර දීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන් වහාම ඔහුට පිළිගන්වන බවත්ය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මෙම මාධ්‍ය හමුව සඳහා මා සමඟ එක්ව සිට්න්නේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දමිළ සහෝදරවරු පිරිසක්. ඇතමුන් දේශපාලන පක්‍ෂයකට ඍජුව සම්බන්ධ නොවුණු විද්වත් වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්. කිහිපදෙනෙකු සිටිනවා එම පළාත්වල කුඩා දේශපාලන පක්‍ෂ නියෝජනය කරන. මේ සියලුදෙනා අප හා එක්ව සිටින්නේ ස්වේච්ඡාවෙන් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කටයුතු කරමිනුයි. අප ටික කාලයකට පෙර සිට එම පිරිස සමඟ සංවාදයකට යොමුව සිටිනවා, ‘අනාගත පාලනය යටතේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දී සිටින අභියෝග හා ගැටළු විසඳන්නේ කෙසේද?’ යන්න පිළිබඳවයි.

ගෝඨාභය රාජපක්‍ෂයන් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන්නේ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ කිසිදු ජාතිවාදී කණ්ඩායමක සහයෝගය නොමැතිවයි. දැන් බලන්න ජාතික හෙළ උරුමය වැනි අන්තවාදී පක්‍ෂත්, රිෂාඞ් බදියුදින්ලාගේ පක්‍ෂයත්, දෙමළ ජාතික සන්ධානයේ බලගතු පාර්ශ්වයකුත් අද එක්ව සිටින්නේ සජිත් ප්‍රේමදාසගේ කඳවුරෙයි. ඔහුගේ කඳවුරට සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ජාතිකත්වයන්ට අයත් ජාතිවාදී, අන්තවාදී කොටස් අද එක්ව සිටිනවා.

ඒ නිසා අද සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයන් තුළ ඉහත අන්තවාදී නායකත්වයන් ප්‍රතික්ෂේප වෙමින් නව නායකත්වයන් ගොඩනැගෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගොඩනැඟෙන එවැනි ජාතිවාදය හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන නව නායකත්වයන් හඳුනාගනිමින් අනාගත පාලනයකදී එම ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇති ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගැටළු විසඳාදීම අපේ මූලික අපේක්ෂාවක් නිසාත් ගෝඨාභය රාජපක්‍ෂයන් ලබන ජයග්‍රහණය දමිළ හා මුස්ලිම් ජන සමාජයන්ගේ ද පූර්ණ ආශිර්වාදය සහිතව සිදු විය යුතු එකක් ලෙස අප විශ්වාස කරන නිසාත් මෙවැනි එකමුතුවක් ගොඩනැඟී තිබෙනවා. ලක්මාතාවගේ සියලු දූ දරුවන්ගේ ජනාධිපතිවරයකු බිහි විය යුතුයි.

‘සැකයෙන් බලන යුගය අවසන් කළ යුතුයි’

අපි බැහැර කරන්නේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් අන්තවාදයට කිරි පොවන දේශපාලනඥයන් පමණයි. එහෙම නැතිව මේ ජන කොටස් අතර සමගිය ගොඩනඟන්න, ඔවුන්ගේ තිබෙන සැබෑ දුක් ගැනවිලි මොනවාදැයි විමසා බැලීමට අප පැකිලෙන්නේ නැහැ. 30 අවුරුදු යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනය උතුරු – නැඟෙනහිර ජනතාවගේ ජීවිත නඟාසිටුවීම සඳහා විවිධ පියවර ගනු ලැබුවා. දකුණේ වගේම එදා උතුරු – නැගෙනහිර පළාත්වලත් සංවර්ධන කටයුතු සිදු වුණා. නමුත් දකුණේ වගේම ගෙවී ගිය වසර හතරහමාර තුළ උතුරු – නැඟෙනහිරත් කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක් සිදුව නැහැ. තරුණ තරුණියන්ට රැකියා ලැබී නැහැ. කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසට තමන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට වැඩපිළිවෙළක් නැහැ. ඉන්දීය ධීවරයෝ විසින් අපේ ධීවර සම්පත කොල්ලකමින් සිටිනවා.

එනිසා අපි එකිනෙකා දෙස සැකයෙන් බලන යුගය අවසන් කළ යුතුයි. අපි සියලුදෙනා මිත්‍රයන්, සහෝදරයන් සේ සලකා කටයුතු කළ යුතුයි. නිදසුනක් ලෙස අපි එකිනෙකාට එකතු වී කළ හැකි වැඩ සියයක් ඇති. එක් වී කළ නොහැකි වැඩ 05ක් ඇති. ඉතිං අපි අර එක්ව කළ නොහැකි වැඩ 05 ගැන වාද විවාද කරන අතරතුර එක්ව කළ හැකි වැඩ 100 අවසන් කිරීමට මේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කැප විය යුතුයි. මෙහිදී අපි විශේෂයෙන්ම උතුරු – නැඟෙනහිර දමිළ ජනතාවට කියනවා, ඔබ වෙනුවෙන් කළ හැකි වැඩ සියල්ල කිරීමට අපි ඉදිරියේදී කැප වන බව.

අපි අපේ පැත්තෙන් මේ සහෝදරවරුන්ට යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා. එම යෝජනාවලිය මගින් උතුරු – නැඟෙනහිර දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දීමට හැකි වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි මෙසේ සමීපව සාකච්ඡා කරමින් ඉදිරියට යනවිට ඔවුන්ගේ ගැටළු හා අභියෝග අපට වඩාත් හොඳින් වටහා ගැනීමට හැකි වේවි කියා අපි විශ්වාස කරනවා. අපි භේද වෙලා එකිනෙකා දෙස සැකයෙන් බැලූ යුගය අවසන් කරමු. අපි එකමුතු වෙමු. ගෝඨාභය රාජපක්ෂයන්ගෙන් බිහි වන ආණ්ඩුව, යුද ගැටුමකින් පසුව අලුතින් හුස්ම ගැනීමට බලා සිටින උතුරේ හා නැඟෙනහිර ජන සමාජයට අවශ්‍ය කරන අපේක්ෂාවන් සඵල කරන ආණ්ඩුවක් බවට පත් කරමු”

මෙම මාධ්‍ය හමුවේ දී ඉන්ජිනේරු වෘත්තික පද්මනාදන් තයාබරන්, ඉලවර් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන මණඩල සභික පී. එල්. රිචඞ්, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක එස්. විෂ්ණුකාන්තන් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: vimal weerawansha
vimal weerawansha
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2RxQMSjP2rIu_GhZZMcgEAouJeV0AulJlvKZLlASE1rmwsri9wDHeEzqcaiyC-22f4kvhbPqqB85t-HrkM52njFgWCpi_uFyXH9wTu8sx5DUOuRd92lgdpzSxp_e67T76p5WD9udmW5gr/s320/wimal1212.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2RxQMSjP2rIu_GhZZMcgEAouJeV0AulJlvKZLlASE1rmwsri9wDHeEzqcaiyC-22f4kvhbPqqB85t-HrkM52njFgWCpi_uFyXH9wTu8sx5DUOuRd92lgdpzSxp_e67T76p5WD9udmW5gr/s72-c/wimal1212.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/vimal-weerawansha.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/vimal-weerawansha.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy