ඊයේ රාත්‍රී මෙරටට පැමිණීමට නියමිතව සිටි විමුක්ති කුමාරතුංග ශ්‍රී ලංකාවට ළඟා නොවන බව වාර්තා වේ. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැක...
හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ රැලියට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඉල්ලීමකට අනුව විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා සහභාගී වීමට නියමිතව සිටියේය.
එංගලන්තයේ ගුවන් ටිකට්පත් ආයතනයකින් වෙන් කර ගන්නා ලද ගුවන් ගමන් බලපත‍්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විමුක්ති කුමාරතුංග එම තීරණය අත් හැර ඇතැයිද වාර්තා වේ.
බණ්ඩාරනායක පවුලේ සමීපතමයන් ගෙන් එල්ල වූ විරෝධය ඊට හේතු වී තිබේ.
සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මහත්මිය ඊට සෘජු ලෙසම විරෝධය පළ කර ඇත.
එම හේතුව මුල් කරගනිමින් විමුක්ති කුමාරතුංග සිය ගුවන් ටික පත් අවලංගු කර ගනිමින් තවදුරටත් එංගලන්තයේ රැඳී සිටීමට තීරණය කර ඇත.
විමුක්ති කුමාරතුංග මහතා ලංකාවට පැමිණෙන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කැඳවීමට ගත් උත්සාහය පිළිබඳව බණ්ඩාරනායකට පවුලට හිතවත් විවිධ පාර්ශ්වයන්ගෙන් ප්‍රබල විරෝධයක් ගොඩ නැගෙමින් පවතී.
ඊයේ සවස කොළඹ තදාසන්න ප්‍රදේශයක තරු පහේ හෝටලයකට රැස් වූ බණ්ඩාරනායක පවුලේ හිතවාදීහු විමුක්ති මෙරටට පැමිණීම පිළිබඳව සිය විරෝධය පළ කර ඇතැයි පවුලේ සමීප ආරංචි කියා සිටී.
– Repoter
COMMENTS