මන්නාරම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිණීවලේ ඉදිරි කැනීම් කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ පරික්ෂණය හේතුවෙන් ඉදිරි විමරශන කටයුතු සඳහා සිය...
මන්නාරම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිණීවලේ ඉදිරි කැනීම් කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ පරික්ෂණය හේතුවෙන් ඉදිරි විමරශන කටයුතු සඳහා සියලුම දේශීය හා විදේශීය මාධ්‍යට මන්නාරම් අධිකරණය මගින් තහනම් නියෝගයක් පනවා ඇත.
මන්නාරම මහෙස්ත්‍රාත් ටී.ජී. ප්‍රභාකරන් මහතා විසින් අදාල නියෝගය ලබා දී ඇති අතර යම් හෙයකින් කැනීම් මාධ්‍යට වාර්ථා කිරීමටනම් නිසි අවසරයක් ගත යතු බව එම නියෝගයේ සඳහන්ව ඇත. අදාල මහෙස්ත්‍රාත් නියෝගය වන්නේ ,
‘සියලුම දේශීය ,විදේශීය මාධ්‍ය වේදීන් වෙත, (විද්‍යුත්,මුද්‍රිත හා සමාජ ජාලා)
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ බී.232 /2018 දරණ නඩුවට අදාල කැනීම් සිදු කරන භූමිය වෙත ඇතුල් වීම ,ඡායාරූප ගැනීම්හා දර්ශන පටිගත කිරීම තහනම් කරමින් නිකුත් කරනු ලබන නියෝගයයි.
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ බී.232/ 2018 දරණ නඩුවට අදාලව ඉදිකිරීමට යෝජිත සතොස භූමියේ කැනීම් සිදු කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර ඒ සම්බන්ධව විශේෂඥ මතයක් අනාවරනය කර ගැනීම සඳහා කැනීම් තවදුරටත් සිදු කෙරිමින් පවති.
මෙම කැනීම් වලට අදාල විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින්ද මෙම විමර්ශනයේ ඇති ප්‍රමුඛ අවශ්‍යතාවය හේතු කරගෙන බාධාවකින් තොරව ඉදිරි විමර්ශන සාර්ථකව සිදුකරගෙන යාම සඳහා කැනීම් සිදුකරන භූමිය වෙත දේශීය හා විදේශීය මාධ්‍ය වේදීන් හට (විද්‍යුත්,මුද්‍රිත හා සමාජජාලා) කැනීම් භාර නිලධාරීන්ගේ නිසිඅවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයෙකුට එකී භූමිය වෙත ඇතුල් වීම ඡායාරූප ගැනීම දර්ශන පටිගත කිරීම හා කැනීම් සම්බන්ධ සම්මුඛ සාකච්ඡා ගැනීම මෙයින් තහනම් කරමි. යනුවෙනි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS