අණ නොතකා ධාවනය කළ යාත්‍රාවකට නාවික හමුදාව විසින් වෙඩි තැබුවේ යයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන උවමනාවක් ඉටුකිරීම සඳහා බව ජාතික නිදහස් ...
එමඟින් නාවික හමුදා සෙබළුන් සෙබළුන් අධෛර්යමත් වන බවද ඔහු සඳහන් කළේය.
බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් සිදු වුයේ බුද්ධි අංශ දුර්වල වී පාස්කු දින ප්‍රහාරයට මග පෑදීම බවත් ඔහු සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මහබැංකු අධිපතිවරයා වත් නොදැන ආණ්ඩුව විසින් විදේශ විනිමය පනත සංශෝධනය කළ හේතුවෙන් ත්‍රස්තවාදී අරමුදල් ලංකාවට ගෙන එන බවත් හිස්බුල්ලා විසින් ගෙන ආ මුදල් ආණ්ඩුව නීති වෙනස් කර ඇති නිසා සොයා ගැනීමට ද නොහැකි වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
මෙම කරුණු සලකා බලද්දී නැවතත් දෙවන වරටද ප්‍රහාරයක් සිදු වීමට ඉඩ දී ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උපක්‍රමයකින් ආණ්ඩුව කටයුතු කරනවා දැයි සැක පවතින බවද ඔහු සඳහන් කළේය.
COMMENTS