අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කර...
අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කර තිබේ.
එම පනත් කෙටුම්පත ඊයේ (11) සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් එම පනත සම්මත කර ගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි.
මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ද ඒ පිළිබඳව අදහස් දක්වා තිබිණි.
ඇය ප්‍රකාශ කොට ඇත්තේ සත්‍ය හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්‍රවේශයකට ගෙනයාම වෙනුවෙන් පැවති බාධකයක් අභිබවා යාමක් ලෙස එය දැකිය හැකි බවයි.
මේ අතර යුක්තිය, ප්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් කැපවන අවස්ථාවක ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් ලෙස මෙය සැලකිය බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොස්කි මහතා ද ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කොට තිබේ.
COMMENTS