මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ තෙවන කුඹල් පෙරහර පසුගිය 10වනදා පැවති අතර එහිදී පත්තිනි දේවාල පෙරහරේ ගමන්ගත් කොට්ටාවේ 'කුමාරි' නම් ඇතින්න...
මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ තෙවන කුඹල් පෙරහර පසුගිය 10වනදා පැවති අතර එහිදී පත්තිනි දේවාල පෙරහරේ ගමන්ගත් කොට්ටාවේ 'කුමාරි' නම් ඇතින්න කළබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් පෙරහරින් ඉවත් කිරීමට සංවිධායකවරු පියවර ගෙන තිබේ.
පත්තිනි දේවාල පෙරහර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුව අසළින් ගමන් කරන අවස්ථාවේ එම ඇතින්න නොසන්සුන්තාවකට පත්ව පෙරහරේ ගමන් කිරීම ප්‍රතික්ෂේක කර ඇත.
එම අවස්ථාවේ පෙරහර නරඹමින් සිටි ජනතාව ද තරමක කලබලකාරී තත්ත්වයකට පත්වී ඇති නමුත් කිසිවෙකුට හානියක් නොවන අයුරින් ඇතින්න මෙල්ල කොට පෙරහරින් ඉවත් කිරීමට ඇත් ගොව්වන් හා පෙරහර සංවිධායකයින් පියවර ගෙන තිබේ.
ඡායාරූප පහතින්.
මහනුවර - කමල් සුරවීර
COMMENTS