අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව පිහිටවූ කාර්යාලය අධිකරණ යාන්ත්‍රණයක් නොවන බවත් එය සත්‍ය සෙවීම සඳහා වන යාන්ත්‍රණයක් පමණක් බවත් ත්‍රිවිධ හමුද...
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "දකුණේ අම්මලාගේ දුක වෙනුවෙන් වගේම, උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? ජීවිතාන්තය දක්වා කඳුළු සලමින් තම දරුවා, ස්වාමිපුරුෂයා, එනතුරු බලාසිටියා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් තුළින් ලෝකයට යථාර්ථයක් පෙන්වා දෙන්නට පුළුවන්. මෙය අධිකරණ යාන්ත්‍රණයක් නොවේ. දඬුවම් ලබාදෙන්න බෑ. නඩු අහන්න බෑ.
අතුරුදහන්වූවන් සොයා බැලීම, පසුබිම සොයාබැලීම ආදී කාරණා පමණයි සිදු වෙන්නේ. මෙයින් හමුදාව පාවා දෙනවා කියනවා. එහෙම පාවා දීමක් සිදුවන්නේ නෑ. ත්‍රිවිධ හමුදාවේ මෙන්ම අපේ රටේ කීර්තිමත් නාමය යළිවතාවක් තහවුරු කරන්නට මෙමඟින් හැකි වෙනවා. අපේ ආණ්ඩුවට හංගන්න කිසි දෙයක් නෑ. යළි මෙවැනි සිද්ධීන් ඇති නොවී ශ්‍රී ලංකාව අලුත් රටක් ලෙස නිර්මාණය කිරීමයි අරමුණ.
මෙය තොරතුරු දැනගැනීමේ පනතට ඇතුළත් නෑ කියලා කියනවා. තොරතුරුවල රහස්‍යභාවයට පමණයි අදාළ වන්නේ. මෙය තොරතුරු පනතට පටහැනි කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මේ කාර්යාලයට අසීමිත බලයක් නෑ. මානව හිමිකම් කොමිෂමකට තිබෙන බවය තිබෙන්නේ. කිසියම් රැදවුම් ස්ථානයක නිල නොවන ලෙස රඳවාතබා සිටී නම් පූර්ව දැනුම්දීමකින් තොරව යැමට හැකියාව පවතිනවා.
පසුගිය රජය ජාත්‍යන්තර යුද අධිකරණයකට පාර කපා තිබුණේ. ජාත්‍යන්තර විශේෂඥයන් පිළිබඳව කතා කරනවා. මහින්ද රාජපක්ෂ කාලයේ විශාල ලෙස මෙරටට විශේෂඥයින් ගෙනැල්ල පඩි දුන්නා. අපි හැංගි හොරා විශේෂඥයින් ගේන්නේ නෑ. විවිධ කටකතා කියයි. සැබෑ ද්‍රෝහීන් කවුද කියා හඳුනාගනීවී. දින එක හමාරක් විවාදයට තිබියදී අපිට කෙටුම්පත සම්මත කරගන්නට හැකි වුණා. අද ඓතිහාසික දිනයක්" යැයි පැවසීය.
COMMENTS