ප වතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජය වීමේ හැකියාවක් නොමැති බවත් එසේ නමුත් රජුන් තැනීමේ ශක්තියක් ඇති බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප ස...
පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජය වීමේ හැකියාවක් නොමැති බවත් එසේ නමුත් රජුන් තැනීමේ ශක්තියක් ඇති බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු සතුරා පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක් විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ සඳහා පවත්වන සාකච්චාවේදී පාර්ශව දෙකම නම්‍යශීලීව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
ඒ නිසා ඉතා ඉක්මනින් තීරණයක් ගෙන මැතිවරණ සටනට එළැඹිමේ උවමනාව තම පක්ෂයට ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS