පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ 'ජන සටන' පාද යාත්‍රාවට කෝටි 2ක ඉක්ම වූ ජනකායක් සහභාගී වූ බව ගීතා කුමාරසිංහ මහත්...
පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ 'ජන සටන' පාද යාත්‍රාවට කෝටි 2ක ඉක්ම වූ ජනකායක් සහභාගී වූ බව ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ඇල්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් ඇය කියාසිටියේ බඩගින්න ඉවසමින් අව්ව වැසි නොතකා කෙළඹ සිට මහනුවර දක්වා අවම වශයෙන් කෝටි 2ක ජනකායක් සහභාගී වූ බවත් එම ජන ගංඟාව දැක ඇතැමුන් භූමිතෙල් ගහපු ගැරඩි මෙන් දැගලීමට පටන්ගෙන ඇති බවත්ය.
ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ 2012 වසරේ සංගණන වාර්තාවට අනුව මෙරට සමස්ත ජනගහණය දෙකෝටි තිස්පන් ලක්ෂ නවදාස් හාරසිය තිස් නවයක් වන බව සඳහන් වේ.
ඒ අනුව ඇය කියාසිටින්නේ මෙරට සමස්ත ජනගහණයෙන් අඩකටත් වැඩි පිරිසක් ඊට සහභාගී වූ බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS