දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැට් පනතට එරෙහි වන්නැයි ඉල්ලා මහින්දගෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

වැට් පනතට එරෙහි වන්නැයි ඉල්ලා මහින්දගෙන් නිවේදනයක්

PropellerAds

ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන වැට් පනත් කෙටුම්පතට සියළුම මන්ත්‍රීවරුන් එරෙහි වන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍ර...

උතුරුමැදට ජලය බෙදන්න නව සැලසුමක්
පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා වාර්තාව දෙසැම්බර් අගදී
'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි
වැට් පනතට එරෙහි වන්නැයි ඉල්ලා මහින්දගෙන් නිවේදනයක්

ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන වැට් පනත් කෙටුම්පතට සියළුම මන්ත්‍රීවරුන් එරෙහි වන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනතාව මත අසාධාරණ ලෙස බදු පැනවීමට තමා ඉඩ නොතබව බවට තමා ප්‍රසිද්ධියේම ප්‍රතිඥා දී තිබෙන බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙයට මැදිහත් වනු ඇතැයි තමා සිතන බවද රාජපක්ෂ මහතා එම නිවේදනය මගින් සඳහන් කරයි.

එම නිවේදනය පහතින්.

වැට් බද්ද වැඩි කීරිම සඳහා පනත් කෙටුම්පත අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත තුළින්,පසුගිය මස 11 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලද වැට් සංශෝධන වල සියළුම අගතිගාමී විධිවිධාන නැවත පණ ගන්වා නීතිගත කිරීමට ආණ්ඩුව සැරසේ. එමඟින් වැට් බද්ද 11%-15% දක්වා වැඩි කිරිමටත්ල සිල්ලර හා තොග වෙළෙඳාම පමණක් නොව පුද්ගලික සෞඛ්‍ය සේවාද එම බද්දට යටත් කිරීමටත්,දිනකට රු.33,000 කට වඩා පිරිවැටුමක් ඇති සියළුම ආයතන වැට් බද්දට යටත් කිරීමටත් විධිවිධාන සැලසේ.පුද්ගලික සෞඛ්‍යයට සේවා ලබා ගන්නේ ධනවතුන් පමණක් නොවන බව අපි හොඳාකාරවම දනිමු. සෞඛ්‍ය සේවය මත බද්දක් පැණවීම යනු රෝගී තත්ත්වයටත් බදු ගැසීමකි.රෝගය දරුණු වන තරමට එම රෝගියාගෙන් ආණ්ඩුවට ලැබෙන ආදායමද වැඩි වේ.මෙය මොනතරම් ජුගුප්සාජනක තත්ත්වයක්දැයි ආණ්ඩුව සිතා බැලිය යුතුය.

මේ රටේ නගරවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්,සිල්ලර හා තොග වෙ‍ළඳාම මත 15% ක වැට් බද්දක් පැණවීමට එරෙහිව පසුගිය දිනවල හර්තාල් පැවැත්වූ ආකාරය අපි දුටවෙමු.මේ බද්ද පාරිභෝගිකයා මත පැටවීමෙන් වෙළඳාම අඩු වී එයින් හට ගන්නා ක්‍රියාදාමය නිසා සිල්ලර වෙළදුන්ගේ සිට ඔවුන්ට භාණ්ඩ සපයන කුඩා හා මධ්‍ය

පරිමාණයේ කර්මාන්තකරුවන්ටද තම ආයතන පවත්වාගෙන යාමට නොහැකි වීමේ අවදානමක් ඇත.කලින් සිල්ලර හා තොග වෙළඳාම මත වැට් බද්ද බලපවත්වනු ලැබුවේ දිනකට රු.ලක්ෂ 10 කට වඩා පිරිවැටුමක් ඇති විශාල ආයතන වලට පමණි.නමුත් මේ කඩඉම දිනකට රු.33,000 දක්වා පහත හෙළනු ලැබූ විට,සෑම නගරයකම කුඩා වෙළඳ ආයතන පවා වැට් බද්දට හසු වී පාරිභොගිකයාට ගෙවීමට සිදු වන මිලද ඒ ප්‍රමාණයෙන්ම වැඩි වේ.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම හමුවේ දැනටමත් වෙළඳාමේ සංකෝචනයක් ඇති වී තිබේ.මෙය කුඩා හා මධ්‍යම පරිමාණ වෙළඳුන්ට පමණක් නොව කොටස් වෙළඳපොලේ ලියාපදිංචි මහා පරිමාණ ආයතන වලටත් බලපා ඇති බව මාධ්‍යයේ වාර්ථා වී ඇත.මෙවැනි තත්ත්වයක් යටතේ තොග හා සිල්ලර වෙළඳාම මත 15%ක වැට් බද්දක් පැනවූ විට සුළු හා මධ්‍යම පරිමාණ ආයතන විශාල ගණනකට දරා ගැනීමට නොහැකි තරම් වෙළඳාමේ අඩු වීමක් සිදු වීමට ඉඩ තිබෙන බවට බියක් රට පුරාම පැතිරී ඇත.වැට් බද්දට රට තුළ විශාල විරෝධයක් පැන නැගී ඇති නිසාල වැට් ප්‍රතිශතිය අඩු කර ජාතිය ගොඩනැගීමේ බද්දේ ප්‍රතිශතය වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කරන බවට අපිට ආරංචි වී ඇත.

මේ බදු වර්ග දෙකම පිරිවැටුම මත පනවන බදු නිසාත්,ඒවා එකම භාණ්ඩ හා සේවාවන් සඳහා අය කෙරෙන නිසාත් දෙකටම ලියාපදිංචි විය යුත්තේ දිනකට රුපියල් 33,000 කට වැඩිය පිරිවැටුමක් තියෙන ආයතන නිසාත්,වැට් ප්‍රතිශතය අඩුකර ජාතිය ගොඩනැගීමේ බදු ප්‍රතිශතය වැඩි කිරීමෙන් මහජනතාවට කිසිදු වෙනසක් වෙන්නේ නැත.

මෙවැනි ඇස් බැන්දුම් වැඩවලටත් අපි විරුද්ධ විය යුතුය.බොහෝවිට කෙටිකාලීන ණය මත දුවන කුඩා අවන්හල්,බාබර් සාප්පු,සිල්ලර කඩ,කුඩා ලී බඩු සාප්පු,වාහන ස්ර්විස් ආයතන හා ගෘහ කර්මාන්ත වලට පවා වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීම ඒවාට දරා ගත නොහැකි බරකි.

 දඹුල්ල, ඇඹිලිපිටිය, පමුණුව, පිටකොටුව වැනි ආර්ථික මර්මස්ථාන වල කටයුතු වලට මෙයින් විශාල බලපෑමක් ඇති වනු ඇත. කුඩා හා මධ්‍යම පරිමාණ අංශය යනු මේ රටේ ආර්ථිකය තුළ වැඩියෙන්ම රැකියා උත්පාදනය කරන අංශය බව ආණ්ඩුව මතක තබාගත යුතුය. අද මේ ආකාරයට වැට් බද්ද වැඩිකරමින් ආණ්ඩුව කරන්නේ ඔවුන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සඳහා සියළුම ආර්ථික විද්‍යා මූලධර්මයන් උල්ලංඝණය කරමින් ලබා දුන් වැටුප් වැඩි කිරීම් හා වෙනත් සහන වලට මුදල් උපයා ගැනීමයි.

ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට දෙන සහන වලට යන වියදම ජනතාවගෙන්ම අයකරගෙන වැජඹීමට උත්සාහ දරන පරපෝෂිත දේශපාලන නායකත්වයක් අද කරලියට පැමිණ තිබේ. මේ වැට් බද්ද වැඩි කිරීමට පනත් කෙටුම්පත අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුන විට එයට විරෝධය ප්‍රකාශ කරන මෙන් මම සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි.ජනතාව මත අසාධාරණ බදු පැනවීමට තමා ඉඩ නොතබන බවට ප්‍රසිද්ධියේම ප්‍රතිඥා දී තිබෙන නිසා ජනාධිපතිවරයාද මෙයට මැදිහත් වනු ඇතැයි මම සිතමි. කුඩා හා මධ්‍යම පරිමාණ සිල්ලර හා තොග වෙළඳාම හා රෝගීන් මත පැනවීමට යන වැට් බදු මොනම තත්ත්වයක් යටතේවත් සම්මත නොවන බවට වගබලා ගැනීම ඔවුන්ගේ යුතුකම වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැට් පනතට එරෙහි වන්නැයි ඉල්ලා මහින්දගෙන් නිවේදනයක්
වැට් පනතට එරෙහි වන්නැයි ඉල්ලා මහින්දගෙන් නිවේදනයක්
http://ift.tt/2aynjtZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_391.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_391.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy