ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා ප්‍රකාශ ලබා ගැනීම සඳහා මහ බැංකු ප්‍ර...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා ප්‍රකාශ ලබා ගැනීම සඳහා මහ බැංකු ප්‍රධානීන් ලබන 12 වනදා කැඳවන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධියෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද මහ බැංකු ප්‍රධානීන්ගෙන් කෝප් කමිටුව ප්‍රකාශ ලබා ගෙන තිබුණි.
බැඳූම්කර ගනුදෙනුව ගැන තවදුරටත් නිරවුල් කරගත යුතු කරුණු කිහිපයක් ඇති හෙයින් මහ බැංකු ප්‍රධානීන් මෙසේ කැඳවන බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාව ද පදනම් කර ගනිමින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසී ය.
කෙසේ වෙතත් විමර්ශන අවසන් වූ පසු ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS