දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Conspiracy
Homeප්‍රවෘත්ති

Conspiracy

PropellerAds

හ දිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සිදුකළ කතාව මෙහි දැක්වෙයි. දෙමළ බෙ...

හලීම් - කිරිඇල්ල ඇමති ගැටුම කරළියට.
රාජකීය විද්‍යාලයට නව සෝලා විදුලි පද්ධතියක්.
තරුණ තරුණියන්ගෙන් ධනුෂ්ක රාමනායක ඉල්ලීමක් කරයි.
දිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සිදුකළ කතාව මෙහි දැක්වෙයි.

දෙමළ බෙදුම්වාදය අවසන් නිසා අපි වහාබ් අන්තවාදය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා කියලා මුජිබර් රහුමාන් අමාත්‍යතුමා අපිට චෝදනා කරමින් තමයි එතුමාගේ කතාව අවසන් කළේ.
එතුමාගේ කතාවේ අවසානයෙන් මගේ කතාව පටන් ගන්න මම කැමතියි. ඔබතුමා කියන විදියට අපි මේ වහාබ් අන්තවාදය ගැන මවන්නේ බොරු බිල්ලෙක් නම්, අපි කියනව වහාබ් අන්තවාදය මේ රටේ විනාශයක් කරලා නැත්නම්, ඔබතුමා හිතන්නේ වහබ් අන්තවාදීන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා කියන්න එකක් දැන් බොරුවක්ද? මුස්ලිම් කාන්තාවන් අපිව සොයාගෙන පැමිණ අඩ අඩා අපිට කියන කතාව බොරුද? මුස්ලිම් කාන්තාවන් මාධ්‍ය ඉදිරියට ගොස් තමන්ට මේ අන්තවාදීන් නිසා අත්වී ඇති ඉරණම ගැන කියන කතා බොරුද? වහාබ් අන්තවාදය ඇරඹුණේ කෙසේද? අද එය ලෝකයේ තිබෙන්නේ කොතනද? ලෝකයේ අරන් යන්නේ කොතනටද කියන විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වහාබ් අන්තවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදවත් ඔබතුමත් එක්ක ඕනෑම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් තුළදී මා විවාදයකට ලෑස්ති කියලා අභියෝගයක් විදිහට මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. අපි එතනදි කතා කරද්දී කව්ද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා මුළු රටම බලා ගන්න පුළුවන්. පහුගිය මාස තුන ඇතුළත අසාත් සාලි මහතා රවුෆ් හකීම් ඇමතිතුමා රිෂාඩ් බදුර්ඩීන් ඇමතුමත් එක්ක අපි මේ කාරණාව විවාද කළා. තමුන්නාන්සේට ශීලාචාරව විවාදයට සූදානම් අපි ලෑස්ති විවාදයක් කරන්න.

පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවා කවුද ?

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ තවදුරටත් හදිසි නීතිය දිගු කරන්න කතා කරන මේ මොහොතේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ අපරාධකරුවා තවමත් හෙළි කර ගෙන තිබේද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. කවුද මේ සැබෑ අපරාධකරුවා? මේ රූකඩ නැටුමේ නැටවෙන රූකඩ නම් තමුන්නාන්සේලා අල්ලගෙන තියෙනවා. හැබැයි ඊට උඩින් ඉන්න රූකඩ නටවන්න අය නම් අත්අඩංගුවට ගැනීම සිදුවෙලා නෑ. ශ්‍රී ලංකාවේ ඉන්න රූකඩ නටවන කට්ටිය වගේම මේ රූකඩ නටවන්නන් නටවන සැබෑ චූදිතයා වන්නේ ඇමෙරිකාවයි.

මුස්ලිම් කතෝලික ගැටුමක් මේ රටේ ඇති කරලා ශ්‍රී ලංකාව ඇතුලට ඇමරිකානු හමුදාව ගොඩබස්සා ගැනීමේ සැලසුම ගැන අපි දිගින් දිගටම කතා කළා. ඒක සාර්ථක නොවුණට පස්සේ හලාවතදී කුලියාපිටියේ දී මිනුවන්ගොඩදී කෘතිමව ප්‍රශ්න ඇති කරලා සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කරන්න උත්සාහ කළා. අද වන තුරු කිසිවෙක් අත්අඩංගුවට අරගෙන නෑ. අපි මේ සභාවේ කිව්වා මුහුණු බැඳගෙන පිටපළාත් වලින් ඇවිල්ලා මේ පහර දීම් සිදු කළේ කියලා. මිනුවන්ගොඩ මුස්ලිම්යැයි නම හැඟෙන සිංහල කඩ ගණනාවක් මේ අන්තවාදීන් විනාශ කරන්න කටයුතු කිරීමෙන් පේනවා පිටින් ඇවිල්ලා පහරදීමක් සිදුවෙලා තියෙන්නෙ කියලා. අද වනතුරු එළි වුනේ නෑ. සහරාන්ගේ බිරිඳගෙ කටඋත්තරයේ කියනවා කාන්තා සුදු ඇඳුම් තොගයක් ගෙනාවා ගෙදරට කියලා. සිවුරු දරාගෙන ඉන්න මුස්ලිම් අය අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. සහරාන්ලා එක පැත්තකින් බෝම්බ ගහනවා. අනෙක් පැත්තෙන් සුදු ඇඳුම් ඇඳ ගත්තා අය පන්සලේ උත්සවයේදී බෝම්බ පුපුරවා ගන්නවා. සිවුරු දරාගෙන ඉන්න අය ගිහිල්ලා මුස්ලිම් අයට පහර දෙනවා. සිංහල මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු මේ හැමෝම එකිනෙකා මරා ගන්න ගිනිජාලාවක් ඇති කරලා ඒ ගිනිජාලාව නිවන්න එන පිරිස විදියට, ඒ ගින්නේ ගිනි නිවන හමුදාව විදිහට ඇමෙරිකානු හමුදාව පත් කරගැනීමයි සැලැස්ම.

ඇමෙරිකාවේ සැලැස්ම මෙන්න

ඇමෙරිකාවේ මේ සැලැස්ම පිළිබඳව ලෝකයේ පිළිගත් න්‍යායක් තියෙනවා. The Shock Doctrine. කැනේඩියානු සමාජ විශ්ලේෂණයෙක් වන Naomi Klein විසින් The Shock Doctrine කියලා පොතක් නිකුත් කලා 2007 වගේ වසරක. ඒ පොතේ කතා කරන්නේ ඇමෙරිකාව ලෝකයේ යම්කිසි රටක් ආපදාවට ලක් වුනාම ඒ වියසනය පදනම් කරගෙන ඒ රට ඇතුලට රිංග ගැනීම ගැනයි. ඒ වගේම රටේ වියසනයක් නැත්නම් වියසනයක් හදලා රට ඇතුලට ගොඩ බැහැ ගන්නවා. 1997 දී ඉන්දුනීසියානු ආර්ථිකය කඩා වැටීම සඳහා ඇමෙරිකාවේ සෝරෝස් කොටස් වෙළඳපොළෙන් එක වරම ඉවත් වෙනවා. එය පදනම් කරගෙන ඇමෙරිකාව ගොඩබැහැලා ඉන්දුනීසියාවේ කොටසක් ලෙසින් තිබුන නැගෙනහිර ටිමෝරය වෙනම රටක් බවට පත් කරන්නට කටයුතු කළා. 2001දී ඇෆ්ගනිස්ථානයට ගොඩබැස්සේ ඔසාමා බිල්ලාඩන් ඉන්නවා අපි එයා අල්ලන්න යනවා යැයි ලෝකයට කියමින්. හැබැයි ඒ රටේ ඔසාමා බිල්ලාඩන් හිටියේ නැහැ. බුෂ්ලට අයත් පෞද්ගලික තෙල් සමාගමකට ඇෆ්ගනිස්ථානය හරහා තෙල් නල එලීමට තලෙයිබාන් ආණ්ඩුව අවසර දුන්නේ නෑ. ඒ නිසා එරට අල්ලගෙන එම ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ තෙල්නල ටික එලා ගැනීමේ කටයුතු සිදු කර ගත්තා. 2003 දී ඉරාකය ආක්‍රමණය කරද්දී ලෝකයටම කිව්වේ සමූල ඝාතණ අවි ඉරාකය සතුව තිබෙනවා කියලයි. අනුව ඉරාකය ආක්‍රමණය කළා. අල්ලගත්ත සමූල ඝාතක අවියක් නම් නැහැ. නමුත් ඉරාකයේ සරුතෙලින් ටික නම් අදටත් ඇමෙරිකානු සමාගම් විසින් අත්පත් කරගෙන ඉන්නවා.

ඇමෙරිකාව ලංකාවට එන්න හදන්නේ ඇයි ?

මොවුන් අද ලංකාවට එන්න හදන්නේ ඇයි. විශේෂයෙන් කියන්න අවශ්‍යයි සෝෆා ගිවිසුම හරහා ඇමෙරිකානු කඳවුරු තනන්නට හදන්නෙ විශේෂ කරුණු හතරක් නිසයි. පළමු හේතුව තමයි ඇමෙරිකානු යුධ විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් කියනවා මේ සියවසයේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරේ වැදගත්ම රට එහි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. මෙම සියවසේ ලොව වැදගත්ම රට ශ්‍රී ලංකාවයි. සමහරු කියනවා ලිං මැඩියෝ වගේ ඉදගෙන අපි ලංකාව හරි වැදගත් කියලා හිතාගෙන ඉන්නවා නමුත් ලංකාව කියලා රටක් තියෙනවා කියලා වත් ඇමෙරිකාව දන්නේ නැහැ කියලා. නමුත් මම නොවෙයි ඇමෙරිකානු යුද විශේෂඥයන් කියන්නේ ලංකාවේ ඇති වැදගත්කම. මොන්සූන් කියන පොතේ මේ පිළිබඳව සටහන් කර තිබෙනවා. ඉතින් ලොව වැදගත්ම රට ලංකාව නම් ලංකාවේ කඳවුරු ඉදි කරනවා හැර වෙන කොයි මුල්ලක කඳවුරු ඉදි කරන්න ද කියන ප්‍රශ්නය මතුවෙනවා.

1965දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධාන කදවුර පිහිටුවා ගන්නේ දියේගො ගර්ෂියා දූපත් සමූහයේ. මෙම දුපත් සමූහය එදා මුරුසියට අයත්ව තිබුණා. එදා මුරුසිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් මෙම දුපත් සමූහය ඉවත් කරළා ඇමරිකාවට බදු දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1968 මුරුසියට නිදහස ලැබෙන්නේ ඉන් අනතුරුවයි. මුරුසිය එදා ඉඳන්ම උත්සාහ කළේ මේ තමන්ට අයත් ව තිබූ දූපත් සමූහය යළි තමන්ට අත්පත් කරගන්නට. ඔවුන්ගේ අඛණ්ඩ සටනේ ප්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රශ්න නිරාකරණය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි 22 තීන්දුවක් දෙනවා. තීන්දුවෙන් කියනවා දියේගො ගර්ෂියා දූපත් සමූහය මුරුසියට යළි භාර දෙන තුරු මුරුසිය ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන් විට ඇමෙරිකාවට කකුල ගසා ගන්නට තැනක් නැහැ. කඳවුරු අකුලාගෙන යන්න වෙනව. මේ අකුලාගෙන යන කඳවුරු ස්ථාපිත කිරීමට සුදුසුම තැන ලංකාවයි. දියේගො ගර්ෂියාවට උඩින් තිබෙන්නේ මාලදිවයින. මාලදිවයිනට උඩින් තිබෙන්නේ ශ්‍රී ලංකාව. එමනිසා දියේගො ගර්ෂියාවේ සිට පහසුවෙන්ම පැමිණිය හැකි තැන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම සියවසේ ලෝකයේ නැගී එන ලෝක බලවතුන් වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලංකාව තියෙන්නේ ඉන්දියාවට කිලෝමීටර් තිස් දෙකක් නොදුරින්. අනෙක් පසින් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වීමෙන් ඇමරිකාවට චීනය හා ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකියි. මේ නිසා සැබෑ මර්මස්ථානය කුමක් ද කියන කාරණය ඇමරිකාව හඳුනාගෙන තියෙනවා.

හතරවන කාරණය අතිශ්‍යයින්ම තීරණාත්මකයි. චීනයට තියන ලොකුම ආර්ථික ප්‍රශ්නය හඳුන්වන්නේ මලක්කා දෙගිඩියාව ලෙසයි. චීනයට එන තෙල්ද ඇතුළු සැපයුම් වලින් සියයට අසූවක්ම එන්නෙ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයත් වන්නේ ඉන්දුනීසියාව සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් වලටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කෙදිනක හෝ ඇමරිකාව සහ චීනය අතර යුද්ධයකදී මෙම රටවල් කිව්වොත් අපේ මුහුද හරහා ඔබේ නැව් වලට යන්න තහනම් කියලා චීනයට, එවිට චීනය කන්න නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් සොයා ගැනීම තමයි චීනයට තියෙන ලොකුම ජාතික ආරක්ෂක ගැටලුව. මේකට උත්තරයක් දැන් හමුවෙලා. තායිලන්තයේ ක්‍රා කියන ප්‍රදේශය හරහා ඇළ කැපීම තමයි පිළිතුර. සූවස් ඇළ වගේ, පැනමා ඇළ වගේ, ක්‍රා ඇළ කැපුවොත් එක් පසෙකින් මලක්කා දෙගිඩියාවෙන් මිදෙන්නට චීනයට අවස්ථාව ලැබෙනවා. අනික් පසින් චීනයට ඇති මුහුදු ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 1100කින් අඩු වෙනවා. මේ මාර්ගය කැපුවාට පස්සේ සිංගප්පූරු වරාය පාළු වරායක් බවට පත්වෙලා මුහුදු සේද මාවතේ මර්මස්ථාන ය බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. එහෙම නම් මුහුදු සේද මාවතේ මර්මස්ථානයේ තියෙන ශ්‍රී ලංකාව තමන්ගේ පාලනයට නතු කර ගත හැකි නම් චීනය තමන්ට පාලනය කරගත හැකි තැනක් බවට පත්කර ගැනීමට ඇමරිකාවට හැකියාව ලැබෙනවා.

මෙන්න මේ කාරණා හතර නිසයි ඇමරිකාව ලංකාවට ගොඩබසින්නට හදන්නේ. සභානායක තුමන්ට මේ කාරණා පිළිබඳ අවබෝධයක් නොමැති බව ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන කතා කරද්දී පෙන්නුවා. ගරු සභානායකතුමනි ඔබතුමා ලටත් අපටත් පක්ෂවලට බෙදිලා රණ්ඩු වෙන්න හරි අපිට අපේ කියල රටක් තියෙන්න ඕනෑ. අන් අයගේ බලපෑමෙන් තොරව පාලනය කළ හැකි ස්වාධීන වූ රටත් තිබෙන්නට ඕනෑ. ඊයේ රට රැක ගැනීමේ කාර්යභාරයේ දී පක්ෂ භේද ජාති භේද ආගම් භේද සියල්ල පසෙක තබා මේ සමස්ත 225ක් වූ පාර්ලිමේන්තු කණ්ඩායම ම එක මිටියට එකට සිතට ගත යුතු යැයි යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Conspiracy
Conspiracy
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBsnugFXK7aWUyvMjU5U1BuJViTB-K5_yXox2QpIkv0Kh6tAAUZCkoFOP41e2q26tHDdeW9NG1G_sQOtDLrw9DlTwI2MCrHX-01cL1BjsTMEfkLjxXd70X5KixTkFfRICQxg5ppoMAq_XP/s320/usa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBsnugFXK7aWUyvMjU5U1BuJViTB-K5_yXox2QpIkv0Kh6tAAUZCkoFOP41e2q26tHDdeW9NG1G_sQOtDLrw9DlTwI2MCrHX-01cL1BjsTMEfkLjxXd70X5KixTkFfRICQxg5ppoMAq_XP/s72-c/usa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/conspiracy.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/conspiracy.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy