දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරුණ තරුණියන්ගෙන් ධනුෂ්ක රාමනායක ඉල්ලීමක් කරයි.
Homeප්‍රවෘත්ති

තරුණ තරුණියන්ගෙන් ධනුෂ්ක රාමනායක ඉල්ලීමක් කරයි.

PropellerAds

‘‘ඔබත් මාත් කැපවිය යුතු රටටයි’’ තේමා කරගනිමින් ‘යොවුන් පවුර’ සංවිධානයේ සමාරම්භක සමුළුව ඊයේ(06) සවස 2.00 ට මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පැ...

දිල්ෂාන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට.. මහින්ද හමුවී සාමාජිකත්වය ගනී !
සාලින්දගේ මන්ත්‍රී පුටුව ගන්න ශාන්තට නඩු දාන්න වෙයි !
හිරේ ඉන්න මහ කුඩ්ඩෝ මරන්න පාකිස්තානු කුඩ්ඩන්ගෙන් සැලැසුමක් !

‘‘ඔබත් මාත් කැපවිය යුතු රටටයි’’ තේමා කරගනිමින් ‘යොවුන් පවුර’ සංවිධානයේ සමාරම්භක සමුළුව ඊයේ(06) සවස 2.00 ට මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් 2000 ක් පමණ සහභාගී විය. 

සභාව ඇමතූ ‘යොවුන් පවුර’ තරුණ සංවිධානයේ විධායක සභික කිංස්ලි පෙරේරා සඳහන් කර සිටියේ, අතීතයේ සිදුකළ විප්ලව, අරගල වලින් වර්තමාන සමාජයේ සිටිය යුතු සහ සහ රටට අත්‍යාවශ්‍ය මිනිසුන් බොහෝ දෙනා අකාලයේ මියගිය බවයි. වත්මන් තරුණයා ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ පූර්ණ දායකත්වය දැනුම සහ ශ්‍රමය අපේ රට වෙනුවෙන් කැප කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුනි.

දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ තරුණයෙක්, තරුණියක් බිහිකිරීම රටට අත්‍යාවශ්‍ය බවත්, ලෝකය සමඟ තරඟ කළ හැකි ආර්ථිකයක් රටේ නිර්මාණය කිරීමට නම් ඒ සඳහා දැනුම පදනම් කරගත් නවෝත්පාදන ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බව සමුළුව ආමන්ත්‍රණය කළ ධනුෂ්ක රාමනායක පෙන්වා දුන් අතර ඔහු අවධාරණය කර සිටියේ, එය තරුණ විප්ලවයකින් හෝ තරුණ කැරැල්ලකින් ජයගත නොහැකි බවයි.

ධනුෂ්ක රාමනායක, ලෝකය දිනෙන් දින තරුණ ජවය හා තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන බවයි. ඊට සාපේක්ෂව අපේ තාරුණ්‍යයද ආකල්ප වලින්, කුසලතාවයන්ගෙන් හා දැනුමෙන් සන්නද්ධ වියයුතු බවත්, එසේ නොවන්නට ඉන් ප්‍රයෝජන ගන්නේ ධනය සහ බලය පසුපස හඹා යන ඉතා සුළු පිරිසක් බවද ඔහු පෙන්වා දෙයි.

වත්මන් ශ්‍රී ලංකාවේ නායකයෙකු වීමට නම් කළ යුත්තේ පාරක් අවහිර කිරීම, රටට අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක් කඩාකප්පල් වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය සේවා අකර්මන්‍ය වන පරිදි උද්ඝෝෂණ, වැඩ වර්ජන පැවැත්වීම පමණි. එමගින් සිදුවන්නේ රට ඉදිරියට ගෙනයාම නොව, රට හමුවේ පවතින අර්බුද තවදුරටත් ඔඩුදීවීම පමණක් බවද ධනුෂ්ක රාමනායක පෙන්වා දෙයි.

ජාතියක් ඉදිරියට ගෙනයෑම සහ ජාතියක ඉදිරි ගමන අඩාල කිරීම යනු එකිනෙකට පරස්පර තාක්ෂණ දෙකක් පමණක් බවත්, යම් දෙයක් වලකාලන්නට උත්සහ ගන්නා මෙවැනි මිනිසුන් රටේ නායකයන් ලෙසින් හඳුනාගැනීම වැරදි සහගත බවද ධනුෂ්ක රාමනායක පවසයි. 

මෙය අප රටේ සෑම තරුණයෙකුම සැලකිල්ලට ගතයුතු වූත්, වටහාගත යුතුවූත් කරුණකි. රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් වන කිසියම් හෝ ව්‍යාපෘතියකට අකුල් හෙලන්නා වූ මෙවැනි නායකයන් යැයි කියාගන්නා පිරිස් සැබෑ නායකයින් නොවන බවත්, පවතින යමක් කළ හැකි පුද්ගලයන් කවුරුන්ද, ඔවුන් ජාතියේ සැබෑ නායකයන් වනු ඇති බවද ධනුෂ්ක රාමනායක වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

වෘත්තීය නිපුණතාවය සහ ප්‍රායෝගික දැනුමේ හා හැකියාවේ වටිනාකම පිළිබඳව අජිත් සෙනෙවිරත්න පෙන්වා දුනි. අතීතයේ සිට පැවති බෞද්ධ භික්ෂුවගේ සමාජ යුතුකම සහ වගකීම පිළිබඳව කරුණු දැක්වූ සූරියවැව සුමේධ හිමියන් පෙන්වා දුන්නේ අතීත භික්ෂුවට වඩා වැඩි කැපවීමක් හා වගකීමක් වර්තමාන භික්ෂුවට පැවරී ඇති බවයි. 

පරිසරය, ආර්ථිකය, ක්‍රීඩාව, අධ්‍යාපනය සහ සමස්ත තාරුණ්‍යය සවිබල ගැන්විය යුතු ප්‍රතිඥාවක්ද සියළු තරුණ තරුණියන් හමුවේ ප්‍රකාශයට පත් කරමින් යොවුන් පවුර සමාරම්භක සමුළුව අති සාර්ථකව පැවැත්විණ. 

යොවුන් පවුර තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරුන් ඇතුළු තරුණ දේශපාලඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරුණ තරුණියන්ගෙන් ධනුෂ්ක රාමනායක ඉල්ලීමක් කරයි.
තරුණ තරුණියන්ගෙන් ධනුෂ්ක රාමනායක ඉල්ලීමක් කරයි.
http://ift.tt/2uyFV7e
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_356.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_356.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy