ව හාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් අද (04දා) සවස 3.30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට කටයුතු...
වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් අද (04දා) සවස 3.30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු ගොදුරු බිමක් බවට පත් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබිකරණ ව්‍යාපෘතියට හා ඒ හා බැඳුණු අන්තවාදයටත් වහාබ්වාදී අන්තවාදය රකින ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මෙන්ම ඇමෙරිකානු න්‍යාය පත්‍රය හිස මත තබාගෙන,
වහාබ්වාදී අන්තවාදී මැති ඇමැතින් පෝෂණය කරන ආණ්ඩුවටත් එරෙහිව මෙම දැවැන්ත ජනරැලිය කැඳවන බව එහි කැදවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
මෙම දැවැන්ත ජනරැලිය අමතා ඉහත ජනතා ව්‍යාපාරයේ නායකයන් වන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලා ශිල්පී මධුමාධව අරවින්ද, රංගන ශිල්පිනි අනූෂා දමයන්ති යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීමට නියමිතය.
වහාබ් අන්තවාදීන් විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු කෘෘර වධ හිංසා රැසක තොරතුරු සමඟින් සුවිශේෂී හෙළිදරව්වක් තමා විසින් අද (04දා) සවස 3.00ට නුගේගොඩදී පැවැත්වීමට නියමිත “වහාබ් විරෝධී” ජනරැලියේදී රටට හෙළි කරන බව ජාතික විද්වත් භික්ෂු සංසදයේ සම කැඳවුම්කරු මහාචාර්ය මැදගොඩ උභයතිස්ස හිමියෝ “මව්බිම” ප්‍රකාශ කළහ.
වහාබ් අන්තවාදයට එරෙහි වූ මුස්ලිම් ජාතිකයන් ඇතුළු 20 දෙනකු පමණ මෙම අන්තවාදීන් විසින් ඝාතනය කර තිබෙන බවත්, තවත් පිරිසකට කෘෘර වධහිංසා පමුණුවා තිබෙන බවත් පෙන්වා දෙන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කරන්නේ මෙම සියලු තොරතුරු තමා අද පැවැත්වෙන වහාබ් විරෝධී ජනරැලියේදී රටට හෙළි කරන බවයි.
වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම ජනරැලිය අද (04දා) සවස 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු ගොදුරුබිමක් බවට පත්කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබිකරණ ව්‍යාපෘතියට හා වහාබ් අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රකින වත්මන් ආණ්ඩුවට එරෙහිව වහාබ් විරෝධී ජනරැලිය පවත්වන බව වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිවරු මෙම රැලියේදී අදහස් දක්වති. ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල, රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර, මහාචාර්ය චන්න ජයසුමන, ගායන ශිල්පී මධුමාධව අරවින්ද රංගන ශිල්පීන් අනුෂා දමයන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

COMMENTS