ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිටින බව ආණ...
ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමාට පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි යැයි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කොට තිබේ.
එම ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමකදී කථානායකවරයා මේ බව ප්‍රකාශ බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එය වැඩිදුරටත් පහත පරිදිය.
ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරුන් සහ සාමාජිකත්වයට කථානායකතුමාගෙන් කරුණු පැහැදිලි කිරීමක්
වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපිත කරන ලදුව ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව රජයේ ඉහළ අංශවලින් යම් අපැහැදිලි තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත වාර්තා කර තිබේ ද යන්න පිළිබඳව ස්වාධීන කොමිෂන් සභාවල ගරු සභාපතිවරුන් සහ සාමාජිකයන් බොහෝ දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කථානායක කරු ජයසූරිය මහතාගෙන් කරුණු පැහැදිලි කිරීමක් අපේක්ෂා කළහ.
මෙහිදී අදාළ අංශ සමග ද අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව කථානායකතුමන් විසින් පහත සඳහන් ආකාරයෙන් කරුණු පැහැදිලි කරන ලදී.
සමස්තයක් වශයෙන් ඒ ඒ ස්වාධීන කොමිෂන් සභාවන් හි ක්‍රියාකාරීත්වය හෝ ස්වාධීනත්වය පිළිබඳව ජනපතිතුමන් හෝ අගමැතිතුමන් විසින් කිසියම් අපැහැදිමක් හෝ එකිනෙකට වෙනස් කරුණු දැක්වීමක් සිදු නොකරන ලදී.
ඒ අනුව ඉදිරියේදීද ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමාට පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි බව ගරු කථානායකතුමන් පෙන්වාදෙනු ලැබිණි.
ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරනු වස් බහුතර ජනතා කැමැත්ත පරිදි ජනමතයට අනුකූලව බිහි කළ මෙම අතිශය වැදගත් කොමිෂන් සභා මගින් ඉටු කරනු ලබන ජාතික මෙහෙවර විශ්වාසයෙන් යුතුව ඉටු කරන ලෙසත්, එම ගෞරවනීය මෙහෙවර සෑම විටකම අගය කිරීමට නොපැකිලෙන බවත්, සියළුම සභාපතිවරුන් හා සාමාජිකයන් දැනුවත් කෙරුණු අතර, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් මෙන්ම අදාළ අනිකුත් පාර්ශව සමග ද සම්බන්ධීකරණය ගොඩ නගමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ ශක්තිය සහ ආශිර්වාදය ස්වාධීන කොමිෂන් සභා වෙත ලබා දීමට එහි සභාපතිවරයා ලෙස තමා කටයුතු කරන බවත් ගරු කථානායකතුමා දන්වා සිටින ලදී.
COMMENTS