අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිට ජනාධිපති ලේකම්...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිට ජනාධිපති ලේකම්වරයා විසින් බාර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඇය විසින් යොමුකර ඇතැයි වාර්තා වූ අතර මීට සුළු මොහොතකට පෙර එම ලිපිය ජනාධිපති ලේකම්වරයාට බාර දී තිබේ.
කෙසේ වෙතත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස්දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විවිධ මත පලවිය.
කෙසේවෙතත් ඇයගේ එම ඉල්ලා අස්වීමට මෙය ආසන්නතම හේතුවක් විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුගිය වසරේ පෙබරවාරී 11 වැනිදා පත් කරන ලදී.
COMMENTS