පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සමග නුවර එළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පුහුණුව ලද තවත් පුද්ගලයෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගු...
මොහොමඞ් තාජුඩීන් ආෂිෆ් අහමඞ් නැමති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මහරගම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරමින් සිටියදීයි. ඔහු මීට දින 3කට පෙරු එහි සේවයට පැමිණි ඇති බවයි අණාවරණ වී ඇත්තේ. මොහොමඞ් තාජුඩීන් ආෂිෆ් අහමඞ් නැමැත්තා සහරාන් හෂීම් සමග නුවර එළිය බ්ලැක්පූල් ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව ද හෙළිව තිබෙනවා.
20 හැවිරිදි මෙම සැකකරු දිප්පිටිය අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා බුද්ධි අංශයේ ද සහය හිමිව තිබෙනවා. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
COMMENTS