මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කා...
මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත් රජයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරණ බව රවිහරන් මන්ත්‍රීවරයා පැවසීය.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ටී.රවිහරන් මහතා අද (29) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මුලතිව් මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.
රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයින් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බව රවිහරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
මේ අවශ්‍යතාවය ඉටු කරගැනීම සදහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරණ බව ප්‍රකාශ කරණ රවිහරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබා දෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවසීය.
රජයේ මහවැලි වතුර සමග උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියළු දෙනාම සිනාසුනත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රීවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නොමැති බවද කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS