මෙරට සිදුවන විරෝධතා උද්ඝෝෂණ මර්දනයට පොලිසිය දැනට ගබඩා කර තිබෙන කඳුළු ගෑස් උණ්ඩ තොගවලට අමතරව තවත් කඳුළු ගෑස් උණ්ඩ 5000ක් පමණ ආනයනය කිරීමට ප...
මෙරට සිදුවන විරෝධතා උද්ඝෝෂණ මර්දනයට පොලිසිය දැනට ගබඩා කර තිබෙන කඳුළු ගෑස් උණ්ඩ තොගවලට අමතරව තවත් කඳුළු ගෑස් උණ්ඩ 5000ක් පමණ ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම කඳුළු ගෑස් උණ්ඩවලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශය මගින් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය මුහුණ ආවරණය වෙන ආකාරයේ අලුත්ම හෙල්මට් වර්ගයක් මෑතකදී චීනයෙන් ගෙන්වා ඇති බවයි.
මීට අමතරව මෙතෙක් කලක් පරිහරණය කළ ලීයෙන් තනන ලද බැටන් පොලු වෙනුවට රබර් බැට්‌න් 2000 ක්‌ද ගෙන්වූ බව එම ආරංචි මාර්ග පැවසී ය.
රට පුරා තැනින් තැන සිදුකරන මහජන උද්ඝෝෂණ මෙන්ම නීති විරෝධී ආකාරයෙන් සිදුකරන උද්ඝෝෂණ මර්දනයට හිඟ නොවන අයුරින් කඳුළු ගෑස්, රබර් බැට්‌න් පොලු සහ හෙල්මට් මෙසේ ගෙන්වා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේවන විටත් දුම්රිය වර්ජනයක්, විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ, වෛද්‍ය සංගම් වර්ජන සහ ආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ වර්ජනයක්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
මේ අනුව ආණ්ඩුවටද වර්ජන රැල්ලකට මුහුණ පෑමට සිදුව තිබේ.
COMMENTS