ලබන වසරේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැව...
ලබන වසරේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ වතුකම්කරුවන්ට පර්චස් 7ක ඉඩමක අයිතිය ලබාදීමේ, හරිත භුමි, වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස මහනුවර පුපුරැස්ස ලෙවලන් වතු යායේ සහා නාවලපිටිය ගලබොඩ වත්ත වතු යායේ වතුකම්කරු පවුල් 800 කට අධික ප‍්‍රමාණයක් සදහා ඉඩමක අයිතිය ලබාදීමේ වැඩසටහනට එක්වීමෙනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“වසර 150 ක් වතු කම්කරුවන් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් ජීවිත කැප කලාට බොහෝ රජයන් ඔවුන්ගේ ජිවන ගැටළු අමතක කළා. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමින් පුරවැසිභාවය වගේම ඉඩම් අයිතියත් පිළිගත්ත ඉතිහාසේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. වෙනත් බොහෝ පක්ෂ කලේ වතු වලට ඇවිත් ජන්දය අරන් යන්න ගිය එකයි. ලබන වසර අවසන් වන්නට පෙර ජනාධිපතිවරණයක් එනවා. ඊට කලින් පළාත් සභා මැතිවරණය එනවා. ඒ ඕනෑම මැතිවරණයකටම මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂය අපි සුදානම්. අපි මැතිවරණ වලින් පැනල යන්නේ නෑ. අද වනවිට පවතින මැතිවරණ ක‍්‍රමය ගැන ආරවුලක් තියෙනවා පසුගියදා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ පවතින සීමා නීර්ණය කිරීමේ ක‍්‍රමයට විරුද්ධ වුණා. ඒ නිසා ඒකට විසදුමක් සොයන්න අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මතයට සියලූ දෙනා ගරු කල යුතුයි. සම්මත වන මැතිවරණ ක‍්‍රමය එය සියලූ දෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුය.”
COMMENTS