මු ස්ලිම් වෛද්‍යවරු ගැබිනි කාන්තාවන්ට සැත්කම් සිදුකරන්නේ නම් සිංහල වෛද්‍යවරයකුද එම සැත්කමට සහභාගි වියයුතු යැයි නිල නොවන තීරණයක් රෝහල්වල අධ්...
මුස්ලිම් වෛද්‍යවරු ගැබිනි කාන්තාවන්ට සැත්කම් සිදුකරන්නේ නම් සිංහල වෛද්‍යවරයකුද එම සැත්කමට සහභාගි වියයුතු යැයි නිල නොවන තීරණයක් රෝහල්වල අධ්‍යක්ෂවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විසින් තීරණය කර ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන පවසයි. සදහම් සෙවණ ධර්මායතනයේ ඊයේ (03දා) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පැවැසීය.
වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නමැති පුද්ගලයා විසින් කුරුණෑගල හා දඹුල්ල රෝහල්වල සිදුකර ඇති වඳ සැත්කම් ප්‍රමාණයත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් හෙතෙම පැවැසීය.
සම්මත ක්‍රමයට පටහැනිව පමණක් නොව සම්මත ක්‍රමයම යොදාගෙන වඳ භාවයට පත් කිරීම පිළිබඳව පවා කරුණු වාර්තා වී තිබියදී ඊට එරෙහිව කිසිදු පියවරක් මේ වනවිටද නොගැනීම හේතුවෙන් මෙසේ රටේ ජනතාව තුළ ඇතිවන සැකය මැඬලීමට මෙම පියවර ගැනීම ප්‍රධාන හේතුවයි.
කුරුණෑගල පමණක් සිසේරියන් සැත්කම් 4372ක් කරලා තියෙනවා. එතැනින් 3479ක්ම සිංහල කාන්තාවෝ. මුස්ලිම් කාන්තාවෝ ඉන්නේ 860යි. සමහරු දන්නෙවත් නෑ ඔවුන් වඳභාවයට පත්වෙලා කියලා . නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ කරන්නේ පැලෝපීය නාළය කියන්නේ මොකක්ද කියලා දැකලාවත් නැති වෛද්‍ය දැනුමක් නැති සමූහ අපරාධ විමර්ශන අංශය මඟින්. මෙවැනි පියවර හාස්‍යයට හේතු වෙනවා. රටක නීතිය විසින් මේ ප්‍රශ්නය යට ගහන්න හදනවා. මෙම වෛද්‍යවරයා සිදුකළ අපරාධ පිළිබඳව මේ වනවිට සියල්ල අනාවරණය වෙලා අවසන්. නමුත් නිවැරදි ලෙස මේ පරීක්ෂණ සිදුකරන්නේ නැහැ. පැලෝපීය නාළය පිළිබඳව සිදුකරන පරීක්ෂණයකට අපේ රටේ පහසුකම් නැහැ. තියෙන ඒවාත් විශ්වාස කරන්න බෑ. නිවැරැදි වාර්තාවක් ලැබෙයි කියලා. පැමිණිලි කළ කාන්තාවන්ට මෙන් මුස්ලිම් මවුවරුන්ටත් යම් යම් සංකූලතා ඇති වෙලාද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තොරතුරු රැස්කරලා නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි
මේ ගෙනයන වැඩපිළිවෙළ මුස්ලිම් මවුවරුන්ට විරුද්ධ සටනක් නෙවෙයි. මේවා සාෆි වෛද්‍යවරයා කළ අපරාධයට එරෙහි සටනක් පමණයි.
මුස්ලිම් බව හා අන්තවාදී බවට මූලධර්මවාදී බව මුසු කර මෙම වෛද්‍යවරයා අවුරුදු 10ක් තිස්සේ ගෙනගිය වැඩපිළිවෙළ සඳහා මුස්ලිම් සමාජයද වහාම එරෙහි විය යුතුයි. එසේ නොවන්නේ නම් රට තුළ විශාල කැලඹීමක් ඇති විය හැකියි.
ජනපතිට හා අගමැතිට අපි කියන්නේ මේ දේවල් යටගහන්න එපා කියලයි. මොකද සහරාන් කළ අපරාධයට වඩා මේ අපරාධය භයානකයි.
නුවන් හෙට්ටිආරච්චි

COMMENTS