ඉන්දියානු සාගරයෙහි ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා සැබවින්ම එය අනාගතයේ සාගරය වනු ඇති බවත් 2025 ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්රී...
ඉන්දියානු සාගරයෙහි ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා සැබවින්ම එය අනාගතයේ සාගරය වනු ඇති බවත් 2025 ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරීමේ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණයි.
මෙම සමුළුවේ ආරම්භක දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලදී. එහිදී ඉන්දියානු සාගරයෙහි ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා සැබවින්ම එය අනාගතයේ සාගරය වනු ඇතැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“වසර 2025 ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ වී තිබෙනවා. අපගේ සාගර කලාපයේ ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමත් සාගරය පතුල උපයෝගී කරගනිමින් පවත්වාගෙන යන ඩිජිටල් සබඳතාවල නිදහස තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. ආර්ථික හා වාණිජ වශයෙන් ඉදිරියට එන බොහෝ රටවල් වර්තමානයේ රඳා පවතින්නේ එය මතයි.මේ අනුව සාගර පතුලේ ඇති සන්නිවේදන රැහැන් මගින් ආණ්ඩුවකට පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයන් මෙන්ම ආරක්ෂාව පිළිබඳ තර්ජනතාත්මක තත්ත්වයන් මෙන්ම වගකීම් පිළිබඳ ගැටලු නිර්මාණය වෙනවා."
"එහෙත් සාගරය පදනම් කරගත් මෙම ගැටලු පිළිබඳව අපි දක්වන්නේ ඉතා අල්ප අවධානයක්.නමුත් ඒවා නුදුරේදීම භයානක ප්‍රතිවිපාක ගෙන දීමත් සමත් වනු ඇති.ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව මෙම ගැටලු පිළිබඳව වඩා ගැඹුරු අවධානයකින් කටයුතු කිරීමට සූදානම්. මේ නිසා අප සාගර පතුලේ පවතින සන්නිවේදන රැහැන්වල ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිටුවාගැනීම අවශ්‍ය වනවා.ඒ සඳහා මෙහි නියෝජිත රටවලට විශේෂඥ දැනුම හා තාක්ෂණික සහායන් අප වෙත ලබා දිය හැකියි." යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS