පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වර්තමානයේ මෙරට පාසල් දරුවන් බහුතරයක් පරිගණක ක්‍රීඩ...
පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වර්තමානයේ මෙරට පාසල් දරුවන් බහුතරයක් පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී තිබේ.
කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා සඳහන් කළේ, පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන වෙනස්වීම් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කර ඇති බව ය.
ඔවුන් සිදු කළ පරීක්ෂණ තුළින් හෙළිව ඇත්තේ, හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ මොළයේ සිදු වන රසායනික වෙනස්කම්වලට හා සමාන වෙනස්කම් පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන බව ය.
COMMENTS