ලාංකීය ඉතාහිසයේ පළමු වතාවට මුස්ලම් අමාත්‍යවරු සියල්ල තම ධුරවලින් ඉවත්ව තිබෙන බවත්, වසර ගණනවාක් තිස්සේ සියලූ ආණ්ඩු නියෝජනය කළ මෙම දේශපාලකයන්...
මෙම මුස්ලීම් දේශපාලකයන් මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ සහරාන්ගේ බලාපොරොත්තුවදැයි තමන් ප‍්‍රශ්නකර සිටින බවත් ජානිපෙ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද(08) එහි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා
මේ මොහොතේ රටේ උද්ගතව ඇති තත්වය මුස්ලිම් සමාජයෙත්, රටේත් ප‍්‍රගමනය සඳහා යොදාවාගන්නවා වෙනුවට ඔවුන් සුදුපුරු ජාතිවාදී ක‍්‍රිඩාවෙහිම යෙදෙමින් සිටිනවා. එමගින් ඔවුන් තමන්ගේ පහත් දේශපාලන උවමනාවන් ඉටු කර ගන්නවා. චෝදනා එල්ල වූයේ මුස්ලිම් දේශපාලකයින් සිව් දෙනෙකුට පමණයි. රිෂාඞ් බදුර්දීන්ලාගේ ඇග මත තැවරුණ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ලේ පැල්ලම් ඔහු විසින් සියලූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ ශරීරයේ ගා අවසන්. එමගින් ඔහු තමා නිර්දෝසී බව සමාජයට එත්තු ගැන්වීමට උත්සාහ ගනිමින් සිටිනවා.
මෙම මුස්ලිම් දේශපාලකයින් ගොඩනගන්නේ කාගේ උවමනාවන්ද ජාතිවාදී පදනමින් වෙනම මුස්ලිම් බලවේගයක් ගොඩ නගා එමගින් සහරාන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ සැරසෙන්නේ.
මෙමගින් සිදුවන අනෙක් අනතුර වන්නේ සැබෑ ගැටළුව හා ඒ සඳහා වන විසදුම යටපත් වීමයි. වහාබ්වාදය විසින් ගිලගත් මුස්ලිම් සමාජය එයින් ඉවතට ගැනීම අපගේ අභියෝගයයි. නමුත් මෙම කි‍්‍රියාමාර්ග තුලින් එය ඉටු වෙනවාද? නැහැ මෙමගින් සිදුවනුයේ මුස්ලිම් සමාජය තව දුටරත් වහාබ්වාදයේ ගිල් වීමයි. ජාතික සමගිය වෙනුවට සිංහල මුස්ලිම් විරසකය ඇති වීමයි. අන්තවාදීන් පිරිසක් කළ විනාශයේ වගකීම මෙම දේශපාලකයින් විසින් සමස්ථ සමාජය මත අතුරා දැමීමට කටයුතු කිරීමයි. මෙම තත්වය ඉතා කණගාටුදායකයි.
– jnp midea

COMMENTS