විද්‍යුත් ගමන් බලපත්‍ර මුද්‍රණ කොන්ත්‍රාත්තුව බි්‍රතාන්‍යයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ඩි ලා රූ ලංකා කරන්සි සහ සෙකියුරිටි ප්‍රින්ට් ලි...
විද්‍යුත් ගමන් බලපත්‍ර මුද්‍රණ කොන්ත්‍රාත්තුව බි්‍රතාන්‍යයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ඩි ලා රූ ලංකා කරන්සි සහ සෙකියුරිටි ප්‍රින්ට් ලිමිටඞ් නම් සමාගමට ලබා දීමට රජයේ ප්‍රබලයන් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව අපි පසුගිය අගෝස්තු මාසයේදී ද හෙළිදරව් කළෙමු.
මෙම මුද්‍රණ කොන්ත්‍රාත්තුව සාමාන්‍ය පරිදි ටෙන්ඩර් කැඳවීමක් කර ලබා දීමේ හැකියාව තිබිය දී තෝරා ගත් බි්‍රතාන්‍ය සමාගම වෙත ලබා දීම මඟින් රුපියල් බිලියන දෙකකට වඩා පාඩුවක් රජයට දරන්නට සිදුව තිබෙන බවත් දැන ගැනීමට තිබේ. ඩි ලා රූ සමාගම ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අනුව රුපියල් බිලියන 3ක් පමණ මේ සඳහා වැය වන නමුත් මෙරට මුද්‍රණ නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ මේ රුපියල් මිලියන 700-800 අතර ප්‍රමාණයකින් ඉහළම තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මුද්‍රණය කළ හැකි බව ය. එසේ ම මීට පෙර මෙරට ගුවන් බලපත්‍ර මුද්‍රණය කළ මෙරට සමාගමක් වන එපික් ලංකා සමාගම ද පෙන්වා දෙන්නේ එම අවම මිල ගණන් යටතේ මෙම මුද්‍රණ කොන්ත්‍රාත්තුව සිදු කළ හැකි බව ය.
එහෙත් මේ වන විට මුද්‍රණ කොන්ත්‍රාත්තුව ස්විස් චැලෙන්ජින් වෙන්දේසි ක්‍රමයට ගොස් මෙම ව්‍යාපෘති යෝජනාව බි්‍රතාන්‍ය සමාගම වෙතින් ඉදිරිපත් කර එම සමාගම වෙත ම පැවරීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දැන ගැනීමට ඇත. එමෙන්ම මෙම බි්‍රතාන්‍ය සමාගම මෙරට සමාගමක් බව පෙන්වා දීමට ද රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු කටයුතු කරමින් ඇතත් මහ භාණ්ඩාගාරයට මෙම සමාගමේ අයිතිය ඇත්තේ සියයට 40 ක ප්‍රමුඛතා කොටස් (preferential share) අයිතිය පමණක් බව ද අනාවරණය වේ. එම නිසා මෙම විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව මෙම සමාගම වෙත පැවරීමෙන් එහි අධික ලාබය බි්‍රතාන්‍ය වෙත ම ඇදී යාම සිදුවනු ඇත.
එමෙන්ම කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකරමින් මෙරට මුදල් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේද මෙම බි්‍රතාන්‍ය සමාගමට වන අතර, එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම මගින් පසුගිය වසර 5 තුළ දී භාණ්ඩාගාරයට ගෙවා ඇත්තේ කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 1කටත් වඩා අඩු මුදලක් බව ද පැවසේ. මුදල් මුද්‍රණය සඳහා ද ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් භාණ්ඩාගාරයට එම වියදමින් සියයට 20- 30 අතර ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව ද පවතින බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව 2015 වසරේ දී විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් වන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික රාමුව මොරටුව විශ්වවිද්‍යාලය මඟින් ලබා දී ඇත. පසුව එම නිර්දේශවලින් යුතු නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යාමේ දී එය නවතා ෂක්‍ඕ (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය) සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ එය දියත් කිරීමට යෝජනා විය. අනතුරුව 2017 වසරේ මාර්තු මාසයේ යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ අනුකමිටුවේ අනුමැතිය ඇතිව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත. ෂක්‍ඕ හි යෝජනාවක් පදනම් කරගෙන ඉදිරිපත් කළ එම කැබිනට් සංදේශය හරහා යෝජනා කර ඇත්තේ ඩි ලා රූ පෞද්ගලික සමාගම සමඟ එම ව්‍යාපෘතිය දියත් කිරීමට ය. එහෙත් එම කැබිනට් සංදේශය වෙනුවෙන් වූ ජනාධිපති නිරීක්ෂණ තුළ අදාළ ව්‍යාපෘතිය පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකිරීම, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලය හිමි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊට සහභාගි කර නොගැනීම, ඒ වන විටත් මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරන අදාළ සමාගම ඒ වෙනුවෙන් ඉහළ මිලක් අයකිරීම, ව්‍යාපෘතියේ රාජ්‍ය පංගුව තුළ පැහැදිලි අලාභයක් පෙනී යාම ඇතුළු කාරණා රැසක් හේතුවෙන් ඊට කැබිනට් අනුමැතිය හිමි වූයේ නැත.
එසේම අදාළ ව්‍යාපෘතිය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද ඇතුළත් කමිටුවක් සම්බන්ධ කරගන්නා ලෙසත්, එම කමිටුවේ නිර්දේශ මත ව්‍යාපෘතිය ලබා දෙන ලෙසත් ඊට ජනාධිපතිවරයා නිර්දේශ එකතු කර තිබිණි. එහෙත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තා පමණක් නොව මුදල් අමාත්‍යාංශයෙන් පවා මූලික විමසීම් නොකර ෂක්‍ඕ හි (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය) ඇතුළු වගකිව යුතු පාර්ශ්ව ඩි ලා රූ පෞද්ගලික සමාගම හරහා ම අදාළ ව්‍යාපෘතිය දියත් කිරීමට සූදානම් වන බව ය.
කාශ්‍යප කොතලාවල
COMMENTS