ශ්‍රී ලංකාවට අතිරේක විදේශ විනිමයක් උපයා ගැනීමේ ක්‍රමෝපායක් වශයෙන්, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන (ඔෂෑඡ) ව්‍යාපෘතිය යටතේ කරුංකා මෙරටට ...
ශ්‍රී ලංකාවට අතිරේක විදේශ විනිමයක් උපයා ගැනීමේ ක්‍රමෝපායක් වශයෙන්, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන (ඔෂෑඡ) ව්‍යාපෘතිය යටතේ කරුංකා මෙරටට ආනයනය කර අගය එකතුකිරීමෙන් පසුව ප්‍රතිඅපනයනය කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පසුගිය වසර කිහිපයේ දී ලබා ගැනීමට හැකි විය. එහෙත් නීතිවිරෝධී ව මෙම ව්‍යාපාරය කිරීමේ අවස්ථා හා එම ව්‍යාපාරයට තිබූ බාධක හඳුනා ගැනීම නිසා පසුගිය වසරේ දී ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් තීරණ කිහිපයක් ගනු ලැබීය. ඒ අනුව කරුංකා පුවක් නීතිවිරෝධීව ආනයනය කිරීම තහනම් කිරීම, එසේ නිතිවිරෝධී ව ආනයනය කළ කරුංකා තොග දඩයකට හෝ යටත් කර පසුව නිදහස් නොකර රාජසන්තක කිරීම, අදාළ නිෂ්පාදනයට අගය එකතු කිරීමක් සිදු කොට කරුංකා ආනයනය කොට ප්‍රතිඅපනයනය කිරීමේ තීරණයට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.
එහෙත් මේ වනතුරුත් අදාළ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා රේගුව කරුංකා නිත්‍යනුකූලව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී නැත. මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයන් විසින් කරුණු විමසීමේ දී ‘ඉහළින් ආ නියෝගයක්’ මත රේගුව තවදුරටත් එම තහනම ක්‍රියාත්මක කරන බව රේගුවේ නිලධාරීන් පවසා ඇත. එහෙත් මෙම ‘ඉහළ නියෝගය’ දුන්නේ කවුරුන් විසින් දැයි හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය වසරේ ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වීම නිසා කරුංකා ව්‍යාපාරිකයන් කරුංකා ආනයනය සඳහා කටයුතු කළ අතර, රුපියල් කෝටි 75 -80 පමණ වන තොග සඳහා ණයවර ලිපි පවා මේ වන විට විවෘත කර තිබේ. එහෙත් රේගුවේ අභූත ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම කරුංකා තොග මෙරටට ගෙන ඒමට නොහැකිව ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා රේගුවෙන් විමසීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. 2015 වසර වන විට රුපියල් මිලියන දහසක පමණ අපනයන අගයක කරුංකා ප්‍රතිඅපනයනය කිරීමට හැකිව තිබූ නමුත් එල්ල වී තිබූ බධා මධ්‍යයේ 2016 වසරේ දී එය අඩකින් පමණ අඩු වී තිබිණි. 2017 වසරේ මෙම ව්‍යාපාරය මුළුමනින්ම පාහේ අකර්මන්‍යව ඇත.
කාශ්‍යප කොතලාවල
COMMENTS