දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට
Homeප්‍රවෘත්ති

කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට

PropellerAds

ශ්‍රී ලංකාවට අතිරේක විදේශ විනිමයක් උපයා ගැනීමේ ක්‍රමෝපායක් වශයෙන්, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන (ඔෂෑඡ) ව්‍යාපෘතිය යටතේ කරුංකා මෙරටට ...

පාස්කු ප්‍රහාරය පසුපස සිටි අයව රහස් පොලිස් විමර්ශනයෙන් හෝ අනාවරණය කිරීම අත්‍යාවශ්‍යයයි - විමල්
රටට සේවය කරන්න මම ආයෙමත් පාර්ලිමේන්තු එනවා – මර්වින්
ඝාතනය කල තරුණියට ලිංගික අපරාධයක් කර නෑ !
කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට


ශ්‍රී ලංකාවට අතිරේක විදේශ විනිමයක් උපයා ගැනීමේ ක්‍රමෝපායක් වශයෙන්, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන (ඔෂෑඡ) ව්‍යාපෘතිය යටතේ කරුංකා මෙරටට ආනයනය කර අගය එකතුකිරීමෙන් පසුව ප්‍රතිඅපනයනය කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පසුගිය වසර කිහිපයේ දී ලබා ගැනීමට හැකි විය. එහෙත් නීතිවිරෝධී ව මෙම ව්‍යාපාරය කිරීමේ අවස්ථා හා එම ව්‍යාපාරයට තිබූ බාධක හඳුනා ගැනීම නිසා පසුගිය වසරේ දී ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් තීරණ කිහිපයක් ගනු ලැබීය. ඒ අනුව කරුංකා පුවක් නීතිවිරෝධීව ආනයනය කිරීම තහනම් කිරීම, එසේ නිතිවිරෝධී ව ආනයනය කළ කරුංකා තොග දඩයකට හෝ යටත් කර පසුව නිදහස් නොකර රාජසන්තක කිරීම, අදාළ නිෂ්පාදනයට අගය එකතු කිරීමක් සිදු කොට කරුංකා ආනයනය කොට ප්‍රතිඅපනයනය කිරීමේ තීරණයට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

එහෙත් මේ වනතුරුත් අදාළ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා රේගුව කරුංකා නිත්‍යනුකූලව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී නැත. මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයන් විසින් කරුණු විමසීමේ දී ‘ඉහළින් ආ නියෝගයක්’ මත රේගුව තවදුරටත් එම තහනම ක්‍රියාත්මක කරන බව රේගුවේ නිලධාරීන් පවසා ඇත. එහෙත් මෙම ‘ඉහළ නියෝගය’ දුන්නේ කවුරුන් විසින් දැයි හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය වසරේ ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වීම නිසා කරුංකා ව්‍යාපාරිකයන් කරුංකා ආනයනය සඳහා කටයුතු කළ අතර, රුපියල් කෝටි 75 -80 පමණ වන තොග සඳහා ණයවර ලිපි පවා මේ වන විට විවෘත කර තිබේ. එහෙත් රේගුවේ අභූත ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම කරුංකා තොග මෙරටට ගෙන ඒමට නොහැකිව ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා රේගුවෙන් විමසීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. 2015 වසර වන විට රුපියල් මිලියන දහසක පමණ අපනයන අගයක කරුංකා ප්‍රතිඅපනයනය කිරීමට හැකිව තිබූ නමුත් එල්ල වී තිබූ බධා මධ්‍යයේ 2016 වසරේ දී එය අඩකින් පමණ අඩු වී තිබිණි. 2017 වසරේ මෙම ව්‍යාපාරය මුළුමනින්ම පාහේ අකර්මන්‍යව ඇත.

කාශ්‍යප කොතලාවල

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට
කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට
http://ift.tt/2wiN69w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_241.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_241.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy