දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෙවිල් ප්‍රන්දුගේ ණය ආණ්ඩුව ගෙවන බව හෙළිවෙයි !
Homeප්‍රවෘත්ති

නෙවිල් ප්‍රන්දුගේ ණය ආණ්ඩුව ගෙවන බව හෙළිවෙයි !

PropellerAds

මෙ තෙක් නීත්‍යානුකුලව රජයට පවරාගෙන නොමැති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා ගෙන ඇති රුපියල් බිලියන 2.5 ක ණය මුදලේ වාරික රජය පියවන බව රාජ්‍ය...

'අපි කුරුණෑගල එන්නෙ නෑ' - ඒකාබද්ධය විපක්ෂය (VIDEO)
පොලිසියට 150යි
පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න ජනපතිගේ අවධානය
මෙතෙක් නීත්‍යානුකුලව රජයට පවරාගෙන නොමැති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා ගෙන ඇති රුපියල් බිලියන 2.5 ක ණය මුදලේ වාරික රජය පියවන බව රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අනාවරණය වී තිබේ.

ඒ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා තමන් හමුවේ හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි බව බව රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

කැබිනට් පත්‍රිකාවකට අනුව රජය අදාළ වාරික ගෙවීම් සිදුකරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම සෑම මසකම ඉදිරිපත් කෙරෙන තවත් කැබිනට් පත්‍රිකාවකින් එහි මාසික නඩත්තුව සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කෙරෙන බව ද කොමිසම හමුවේ අනාවරණ වූ බව අදාල නිවේදනයේ දැක්වේ.

ඒ අනුව රෝහල රජයට පවරාගැනීමකින් තොරව නඩත්තු ගෙවීම සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තුට ද සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පර්යේෂණ නිලධාරී මෙන්ම මාධ්‍ය ප්‍රකාශක එච් කේ රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය.

රාජ්‍ය ආයතනයන්හි දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් තමන් වෙත ලැබී ඇති පැමිණිලි විභාග කරයි.

විශ්‍රාමික හිටපු මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමට හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසළා වීරවර්ධන, හිටපු නියෝජ්‍ය පොලිස්පති විජය අමරසූරිය, හිටපු විශ්‍රාමික නියෝජ්‍ය විගණාකාධිපති එම පී ධර්මරත්න යන සාමාජිකයෝ අයත් වෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ එම කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානුකූලව රජයට පවරා නොගෙන රජයේ මුදල් භාවිත කරමින් එය නඩත්තු කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මේ වසරේ පෙබරවාරි මස 11 වැනිදා සිට මේ දක්වා සෑම දිනයකම කොමිසම රැස්වී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමබන්ධ විමර්ශන සිදුකර තිබේ.
බ්‍රහස්පතින්දා මැයි ( 30) කොමිසමට සාක්ෂි ලබාදීමට පැමිණි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙතෙක් රෝහල නීත්‍යානුකුලව රජයට පවරාගෙන නැතත් ඒ කැබිනට් පත්‍රිකා කිහිපයක් හරහා ඉදිරියේදී එම පවරාගැනීම සිදුකිරීමට බලාපොරොත්තුවන බවය.
රාජ්‍ය ආයතනයන් හී දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ නිවේදනය

එමෙන්ම අමාත්‍යමණ්ඩල පත්‍රිකාවක් මගින්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය වසර 10ක් යනතුරු සයිටම් ආයතනයට හිමි බවත් එය රජයට පවරන්නේ නම් අදාළ කාලයෙන් පසුව කටයුතු කළයුතු බවත් ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගත් බව මෙම නිවේදනයේ දැක්වේ.

එහිදී ඇමතිවරු යෝජනා සහ මුල්‍ය කටයුතු පිළිබඳව වැරදි යෝජනා රැගෙන ආවද අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ඊට විරුද්ධ වීම තම රාජකාරිය නොවේදැයි කොමිසමේ සභාපතිවරයා ලේකම්වරියගෙන් ප්‍රශ්න කර තිබේ .

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පවසා තිබුණේ නෙවිල් ප්‍රනාන්දු ලබාගත් ණය රජය ගෙවීම මෙන්ම , රජයේ මුදල් පෞද්ගලික ආයතනයකට වැය කිරීම ඉතා වැරදි සහගත මෙන්ම භයානක ක්‍රියාවක් බවය.

මෙම සාක්ෂි විමසීමට අදාළව තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සේවය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරාගෙන් විමසා සිටීමට උත්සහ කළද ඇය අදහස් පළකිරීම ප්‍රතික්ෂේප කළාය.

බීබීසී සිංහල සේවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද මේ සම්බන්ධයෙන් විමසීය.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සිල්වා පැවසුවේ මේ චෝදනාවට අදාලව අමාත්‍යවරයා වහා ධුරයෙන් ඉවත් විය යුතු බවය. එමෙන්ම රැස්වූ තම සංගමයේ සාමාජිකයින් මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

" මේක තමයි අපි කලින්ම කිව්වේ. බලන්න දැන් නෙවිල් ප්‍රනාන්දු කියන පුද්ගලයා බැංකුවකින් බිලියන ගානක ණය ගත්තම මේ ආණ්ඩුව , ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා මහජන මුදල් ගසාකමින් තනි පුද්ගලයෙකුගේ ණය හොරෙන් ගෙවනවා.අපි ස්තුතිවන්ත වෙනවා ලේකම්වරිය මේ කරුණු පිළිගත්තා. අපේ වෘත්තිකයින්ගෙන් ආණ්ඩුව වාර්ෂිකව අපේක්ෂා කරන බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 4යි . නෙවිල්ගේ ණය ගෙවන්න පොලියත් එක්ක රුපියල් බිලියන 5 ක් විතර ආණ්ඩුව වැය කරන්න යන්නේ.අපි මේ සෞඛ්‍ය ඇමතිවරයාට වහාම ඉල්ලා අස්වෙන්න කියනවා.ඒ වගේම අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තුවෙනවා. මහජනතාවගේ මුදල් වංචා කිරීමක් මේ වෙන්නේ". වෛද්‍ය නවීන්ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල සේවය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරීය.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ අමාත්‍යවරයා ජිනීවා හි සංචාරයක නිරතව සිටින බවය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බව පැවසුවද එය නිත්‍යානුකුලව පවරා නොගත් බවට දිගින් දිගටම චෝදනා එල්ලවිය.

2017 වසරේ ඊට අදාළ ගිවිසුමකට ජනාධිපතිවරයාගේද සහභාගිත්වයෙන් අත්සන් තැබූ බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එය අභිලාශය ප්‍රකාශ කිරීමේ ගිවිසුමක් පමණක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේය.

මෙම රෝහල වර්ග අඩි 180,600 කින් යුක්ත මහල් 04 කින් යුතු ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් සමන්විත වේ.

ශික්ෂණ රෝහලක තිබිය යුතු අති නවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම්වලින් රෝහල පරිපූර්ණ බව පැවසෙන අතර රජයට පවරා ගැනීමෙන් පසුව රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන්ට හැකියාව පවතින බවට රජය සහතික විය .

බීබීසී. සිංහල



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෙවිල් ප්‍රන්දුගේ ණය ආණ්ඩුව ගෙවන බව හෙළිවෙයි !
නෙවිල් ප්‍රන්දුගේ ණය ආණ්ඩුව ගෙවන බව හෙළිවෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_rdTwew-cDsKaP5DgkgaKg4UvSrC3wJ8ZJ5NWPiCrEuvkKtmZAgRsrQOtm0GAfeNoFCrk5CF16X_9BkcC1ViqgHa3AIAWHwU11dIMiv_V9cPqR2JelfXvfImfBZKuwBU3Uw3M9ckjmF9X/s320/9e392068281923658c2cad24090371d3_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_rdTwew-cDsKaP5DgkgaKg4UvSrC3wJ8ZJ5NWPiCrEuvkKtmZAgRsrQOtm0GAfeNoFCrk5CF16X_9BkcC1ViqgHa3AIAWHwU11dIMiv_V9cPqR2JelfXvfImfBZKuwBU3Uw3M9ckjmF9X/s72-c/9e392068281923658c2cad24090371d3_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy