පොලිස් නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පොලි...
පොලිස් නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පිළිබඳ නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමටත්, ඉහළ සිට පහළට සියලු ශ්‍රේණිවල පවතින පුරප්පාඩු පිරවීමට කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
පොලිස් නිලධාරීන් මුහුණ දී සිටින ගැටලු විටින් විට ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වී ඇති අතර ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් එම ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
COMMENTS