2009 වසරේ යුද සිරකරුවන් ලෙස එල්.ටි.ටි.ඊ අත්අඩංගුවේ සිටි නාවික හමුදා සහ යුද හමුදා සෙබලූන් 26 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හි...
වවුනියාව මහධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා ඉදිරියේ නඩු විභාගය කැදවූ අවස්ථාවේ යුද සිරකරුවන් ලෙස අත්අඩංගුවේ සිටිදී සෙබලූන් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර එල්.ටි.ටි.ඊ සාමාජිකයින් වෙත සංශෝධිත අධි චෝදනා පත‍්‍රයක් භාරදෙනු ලැබීය.
මෙලෙස අධිචෝදනා ලැබුවේ හිටපු එල්.ටි.ටි.ඊ බුද්ධි සාමාජිකයින් වන මදීඅරසන් සුලක්ෂන් , ගනේෂන් දර්ශන් සහ සිවතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් හටය.
2009 ජනවාරි 16 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සැකකාර හිටපු බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතු`ඵ පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලූන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි ක`දවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට‍්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත‍්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැණුම් දුන්නේය.
ඝාතනය කළ හමුදා සෙබලූන්ගේ ඩි.එන්.ඒ සාම්පල හෝ ලබාගැනීමට නොහැකිවන ලෙස සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා තිබූ බවට අනාවරණයවූ බවටත් අවසන් යුද සමයේදී එල්.ටි.ටි.ඊ ග‍්‍රහනයෙන් කිලිනොච්චි නගරය යුද හමුදාව විසින් අත්පත්කරගත් අවස්ථාවේ යුද සිරකරුවන් ඝාතනය කොට සිරුරු පුලුස්සා දමන ලෙස එල්.ටි.ටි.ඊ නායකයින් විසින් ලබාදුන් උපදෙස් අනුව අත්අඩංගුවේ සිටි එම සෙබලූන් 26 දෙනො ඝාතනය කොට ඇති බවද ත‍්‍රස්ත විමර්ශන ඒකකය පැවසීය.
එල්.ටි.ටි.ඊ අත්අඩංගුවේ සිටි හමුදා සාමාජිකයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ සැකකරුවකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණයවී ඇති අතර එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ ප‍්‍රථම නඩු විභාගය මෙය වන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පෙන්වාදුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේෂ්‍යඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පෙනී සිටි අතර ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා ඇතු`ඵ නිලධාරීහු අධිකරණයේ පෙනී සිටියහ.
නඩු විභාගය නැවත අද 25 දිනයේ කැඳවීමට නියමිත බවටද ත්‍රස්ත විමර්ශන ඒකකය දැනුම් දෙනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS