කු රුණෑගල තෙලියාගොන්න හදිසි සෝදිසි මෙහෙයුමක් අද (29) පාන්දර සිදුකර සැක කටයුතු පුද්ගලයින් 12 දෙනෙක් අත් අඩංගුවට ගත්හ. ඒ සමගම අනන්‍යතාවය තහව...
කුරුණෑගල තෙලියාගොන්න හදිසි සෝදිසි මෙහෙයුමක් අද (29) පාන්දර සිදුකර සැක කටයුතු පුද්ගලයින් 12 දෙනෙක් අත් අඩංගුවට ගත්හ. ඒ සමගම අනන්‍යතාවය තහවුරු කළ නොහැකි ලියා පදිංචි නොකළ වෑන් රථ තුනක් අංක තහඩුවක් නොමැති යතුරු පැදියක් පොලිස් භාරයට ගත් අතර, නිවසක් පරීක්ෂා කිරීමේදී විදේශ ගමන් බලපත‍්‍ර 32 ක් ළග තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් අපරාධ විමර්ෂණ අංශයට භාර දෙන ලදී.
ඒ අතර නිවාස දෙකකින් කඩු දෙකක් හා තවත් නිවසකින් සැක කටුයතු ජංගම දුරකතන හතරක් ද සොයාගෙන ඇත.
ප‍්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරු මත පාන්දර 4.00 ට ආරම්භ කළ මෙම මෙහෙයුම උදේ 7.00 වන විට අවසන් කර ජනතාවට සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ සලසන ලදී. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ගේ මෙහෙයවීමෙන් මල්ලවපිටිය පල්ලිය සහ ඒ අවට ප‍්‍රදේශයේ මෙහෙයුම සදහා යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිස් නිළධාරින් 200 ක් පමණ සහ විශේෂ පරීක්ෂණ සදහා සුනඛයෙක් ද එක්වීය.
එහිදී ශ‍්‍රී ලංකා ජමියුත් තවුහීඩ් සංවිධානයට අයත් යැයි සැක කරන පුද්ගලයින් සහ ඔවුන් සතුව තිබූ ලිපි ලේඛණ අත් අඩංගුවට ගැනීමට හැකිවිය. මෙම මෙහෙයුම සදහා කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක , කොට්ඨාශ රථවාහන පොලිසියේ ස්ථානාධිපති නීල් කිරින්දේ , කුරුණෑගල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. පූෂ්පලාල් සහ කුරුණෑගල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති අත්තනායක ඇතුලූ නිළධාරින් පිරිසක් මෙම වැටලීමට එක්වී සිටියහ. මෙම මෙහෙයුම සදහා තෙලියාගොන්න ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව විශේෂ සහයක් ලබා දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමා පැවසීය.
විජේසිංහ වැලිකන්ද - කුරුණෑගල

COMMENTS