දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රිලනිපය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා
Homeප්‍රවෘත්ති

ශ්‍රිලනිපය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරන බව කියමින් ජනතාව තුන්වැනි වරටත් රවටා ඇති...

මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
ජනමත විමසුමක්.. මරණ දඬුවමට 94.35%න් පක්‍ෂ වේ !
කුලේ හෙට කණ්ඩායම සමග පිටියට - ක්‍රිකට් ආයතනයෙන් කුලේට පුදුම හිතෙන ත්‍යාගයක් !
ශ්‍රිලනිපය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරන බව කියමින් ජනතාව තුන්වැනි වරටත් රවටා ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කියමින් පක්ෂයට ගරහන කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආසන බල මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද වන විට පැරණි පාක්ෂිකයින් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වෙමින් සිටිනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ආණ්ඩුව කරන පක්ෂයක් විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ නායකත්වය ලබාගැනීමට හැකි වී තිබෙනවා. ජනාධිපතිතුමා සමග ආරම්භ කළ ගමන අපි ඉදිරියට යනවා. ජනාධිපතිතුමා වංචාවෙන්, දූෂණයෙන් තොරව රට ඉදිරියට ගෙන යාමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනවාරි 8 වැනිදා මැතිවරණයට ඉදිරිපත් වන විට අපි කාගේවත් සහාය ඔහුට හිමි වූයේ නැහැ. අපි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට තමයි උත්සාහ ගත්තේ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමත් සමග අපි හැමෝම එකට එකතු වෙලා අලුත් ගමනක් ආරම්භ කළා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත් කර ගැනීම සදහා අගෝස්තු 17 වැනිදා අපි උත්සාහ කළා. ඒ අවස්ථාවේදී  රටේ ජනතාව තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ආණ්ඩු කළ යුතුයි කියලා. ඒ ජනතා වරම තමයි අපි අද ක්‍රියාත්මක කරන්නේ.”

“ඒ් වරම ක්‍රියාත්මක කරන නිසා තමයි රටේ ජනතාවට සුභ සිද්ධිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අපිට හැකියාව ලැබී තිබෙන්නේ හවුලේ ආණ්ඩු කරන නිසයි. සමහරු  හවුලේ ආණ්ඩු කරනවාට අපිට බණිනවා. ඒත් අපේ ජනතාවට වැඩක් කරලා දෙන්න පුලුවන්කම ලැබුණේ, ස්වයං රැකියාවකට ආධාරයක් කරන්න ලැබුණේ  අපේ මිනිස්සුන්ට ගෙයක් දොරක් හදාගන්න උදව් කරන්න පුලුවන් වුනේ හවුලේ ආණ්ඩු කරන නිසයි. හවුලේ ආණ්ඩු කරනවා කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තකට දාලා වැඩ කරන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලන බලයක් නොමැතිව සිටින විට අපේ ජනතාවට වැඩක් කරන්න හයියක් ලැබෙන්නේ නෑ. ඒත් අපිට අද හයියක් තියෙනවා. අපිට වැඩක් කරන්න ශක්තියක් ලැබී තිබෙනවා.  අපි ආණ්ඩුවේ හිටියේ නැතිනම් ඉතිහාසයේ වෙනදා දැකපු දේවල් දැකගන්න තිබුණා. ලංගමයේ, සමෘද්ධියේ සිටින අපේ පාක්ෂිකයා තැන් තැන්වලට මාරු කිරීමේ අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙනවා. ඒත් අපි ආණ්ඩුවේ හිටපු නිසා එහෙම වුනේ නෑ. අපේ පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදුන නිසා පක්ෂය දුර්වල වුනා. පක්ෂය පරාජයට පත්වුනා.”

“මෙහෙමෙ කළේ කවුද? ජනාධිපතිතුමාද? පක්ෂ මහලේකම්තුමා ඇතුළු අපේ කණ්ඩායමද? බල ලෝභී කණ්ඩායමක් තමයි පක්ෂය කඩාගෙන ගියේ. තමන්ගේ බලය වෙනුවෙන් මේ පක්ෂය කඩාගෙන එළියට ගියා. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට හූ කියන තත්වයට පත්වෙලා තියෙනවා. තමුන් මේ රටේ බලයට පත් කළ පක්ෂයට ගහරන තත්වයකට පත්වී තිබෙනවා. ඒ ගැන අපි කණගාටුවෙනවා. මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දය දෙන්න කිව්වාම අපේ අය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දුන්නා. ගෝල් ෆේස් එකට මැයි දිනයට එන්න කියලා කිව්වම අපේ අයත් මහින්ද මහත්තයා අගමැති කරන්න ගෝල් ෆේස් පිට්ටනියට ගියා. එහෙම ගිහින් මහින්ද මහත්තයා අගමැති කරන්න බෑ. මහින්ද මහත්තයා අගමැති කරන්න පුලුවන්කම ලැබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වුනොත් විතරයි.  එහෙම නැතිව මහින්ද මහත්තයා අගමැති කරන්න බෑ. පහුගිය දවසේ ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කළා.”

“ටී.වී. එක ඉස්සරහට ආපු නෝනලා මහත්තුරු ආණ්ඩු බලය අරගෙන මිසක් ගෙදර යන්නේ නෑ කියලාකිව්වා. අන්තිමේදී මොකද වුනේ? රෑ එකොළහමාර වෙනකොට උද්ඝෝෂණය ඉවරයි. රෑ නමයටත් ප්‍රවෘත්ති වලට කිව්වේ රෑ එළිවෙනකම් ඉන්නවා කියලයි. ඒත් රෑ එකොළහමාර වෙනකොට උද්ඝෝෂණය ඉවරයි අපි ගෙවල්වල යනවා කියලා කිව්වා. දෙන්නෙක් මැරුණා. අසූ ගණනක් රෝහල් ගත කළා. මේක විතරයි ජනතාවට ලැබුණේ. ඒ අය කොළඹ හෝටවල්වල නිදාගත්තා. මහින්ද මහත්තයා අගමැති කිරීමට තුන්වැනි වරටත් ජනතාව රැවටීම විතරයි සිදුවුනේ. මහින්ද මහත්තයාට තියෙන ආදරය විකුණාගෙන තමන්ගේ දේශපාලන ගමන යෑමට තමයි ඇතැම් අයට අවශ්‍යවී තිබෙන්නේ. තමන්ට තියෙන ප්‍රශ්ණ වසාගැනීමට තමයි මේ හදන්නේ. අද අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිට ඉලක්කයක් ලබාදී තිබෙනවා. ඒ තමයි මධ්‍ය සංවිධාන ශක්තිමත් කරන්න. ශාඛාවේ අයට රස්සා දෙන්න. ශාඛාවේ අයට උදව් කරන්න. කියලා තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ.   අපි ඉදිරියට ගිහින් ඊළග ආණ්ඩු බලය ලබාගැනීමට  කටයුතු කරමු. මේ වෙලාවේ රටක් විදියට, සංවර්ධන කටයුතු ඉදිරියට යද්දී, රැකියා අවස්ථා ලබාදෙද්දී ඔබලා එහි කොටස්කරුවන් ලෙස ඉදිරියට යන්න පුලුවන්. වංචාවට දූෂණට විරුද්ධ සියලු දෙනාම එකතු කරගෙන අපි පිරිසිදු දේශපාලන ගමනක් යමු.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රිලනිපය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා
ශ්‍රිලනිපය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා
http://am.lk/media/k2/items/cache/a4c2d8acb49dbbe349bbc4ff44bb00ce_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy