දේශපාලකයෝ කල්පනා කරන්නේ ඊළඟ මැතිවරණය ගැන බවත් තමන් කල්පනා කරන්නේ අනාගත පරපුර ගැන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි. ඒ ...
දේශපාලකයෝ කල්පනා කරන්නේ ඊළඟ මැතිවරණය ගැන බවත් තමන් කල්පනා කරන්නේ අනාගත පරපුර ගැන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
ඒ යාපනය හින්දු විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මම පොඩි කාලේ අහලා තියෙනවා යාපනයේ දරුවෝ ගෙදර විදුලිය නැති නිසා පාරේ වීදි ලාම්පු එළියෙන් පාඩම් කරලා උසස් අධ්‍යාපනය ලබලා රටේම වැදගත් තනතුරු වලට පත් වුණු පිරිස් හිටියයි කියලා. වර්තමානය ගත්තම හැම තැනම විදුලිය තියෙනවා. එහෙත් අද වන විට යාපනයේ අධ්‍යාපනය පිරිහීමට ලක් වෙලා. ඒ නිසා අධ්‍යාපනය පෙර පරිදිම නගා සිටුවන්න අලූත් දැක්මක් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. දේශපාලකයෝ කල්පනා කරන්නේ ඉදිරියට එන මැතිවරණය දිනන්නේ කොහොමද කියලායි. මම කල්පනා කරන්නේ අනාගත පරපුර හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත පුරවැසියන් කරන්නේ කොහොමද කියලා”
“ජාති, කුල, ආගම් භේද අධ්‍යාපනයට අදාල වන්නේ නැහැ. ඕනෑම කුලයක, ජාතියක දරුවෙකුට උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට හැකි පරිසරයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අතීතයේදී යාපනයේ ඉගෙන ගෙන අපේ රටේ නම ලෝකයේ ප‍්‍රචලිත කළ පුරවැසියන් ඕනෑ තරම් ඉන්නවා. කෙන් බාලේන්ද්‍රම්, ආනන්ද කුමාරස්වාමි, ලක්‍ෂමන් කදිරගාමර්, රාජිකා කුමාරස්වාමි වැනි අය උදාහරණ ලෙස ගන්න පුළුවන්. අධ්‍යාපනය හොඳින් ලබා ගත්තම ඔබ ළඟට හැමෝම එනවා. හැමදේම ඔබට ලැබෙනවා. කලූතර, කොළඹ, ගාල්ල, මාතර වැනි ප‍්‍රදේශ වල වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි උසස් නිලතල දරණ අය අද සේවය කරන්නේ දකුණේ සිංහල ජනතාවට. එහිදිී ඔවුන්ගේ සේවය නිසා ජාති භේද, ආගම්භේද විසිවෙලා තිබෙනවා. මනුස්සකම ළ`ග ජාති බේද, ආගම්භේද කිසිම වටිනාකමක් නැහැ. උතුරු පළාතේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ දරුවෝ දෙන්නෙකුම විවාහ වෙලා සිටින්නේ සිංහල දරුවෝ සමගයි. විග්නේෂ්වරන් මහතාගේ ගෙදර තිබෙන සාමය, සංහිඳියාව තමයි යාපනයටත් අවශ්‍ය.”
දකුණේ රෝහල්වල ද්‍රවිඩ වෛද්‍යවරු විශාල ප‍්‍රමාණයක් සේවය කළත් උතුරේ මුලතිව්, කයිට්ස්, කරෙයිනගර්, ඩෙල්ෆ්ට්, නයිනතිව් යන දූපත් වල තිබෙන රෝහල් වල වෛද්‍යවරුන්ගේ හිඟය බරපතල ලෙස තිබෙනවා. ඒ නිසා යාපනයේ ඉගෙන ගෙන වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලද වෛද්‍යවරුන්ට මා යෝජනා කරන්නේ අඩුම තරමින් වසර 4 ක් වත් තමන්ගේ ගමට, ප‍්‍රදේශයට සේවය කරන ලෙසයි. අවුරුදු 30ක සාප ලත් යුද්ධයෙන් පීඩා විඳි ඔබ නැවත නැවත ඒ මාවත තෝරා ගන්නේ නැතිව ලැබිලා තිබෙන සාමකාමි පරිසරය තුළ හොඳට ඉගෙන ගෙන රටම බබලවන්න පුළුවන් පුද්ගලයන් වෙන්න යයි මම ඉල්ලා සිටිනවා. අතපසු වෙන, ගතවෙන සෑම තත්පරයක්ම, දිනයක්ම නැවත ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලට ප‍්‍රමුඛතාවය දී කටයුතු කළොත් ඔබේ අනාගතය යහපත් වේවි. උතුරේ කැප වීමෙන් සේවය කරන විදුහල්පතිවරු හා ගුරුවරු විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. මේ අය ඔබේ අනාගතය යහපත් කරන්න කැප වීමෙන් වැඩ කරනවා. ඔබ ඒ ගැන එක් වරක්, දෙවරක් නොව තුන් හතර වරක් සිතා බැලිය යුතු වෙනවා” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS