යාපනයේ කොඩිගාම් පොලීසියේ නිලධාරීන් හා මහජනතාව අතර ඊයේ (11) සවස දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. පොලීසිය සතු ජීප් රථයක් කිසියම් පිරිසක...
යාපනයේ කොඩිගාම් පොලීසියේ නිලධාරීන් හා මහජනතාව අතර ඊයේ (11) සවස දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
පොලීසිය සතු ජීප් රථයක් කිසියම් පිරිසක් වීස්න් පැහැරගෙන යාමත් සමගම පොලීසියේ විශාල පිරිසක් එම ජීප් රථය සෙවීම පිණිස පැමිණ කළ සෝදිසියේදී මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී තිබේ.
යාපනය, කොඩිකාමම් පොලිසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින් පලාගොස් තිබූ අතර පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා රාත්‍රී එකොළහට පමණ එම ජීප් රථය සොයාගෙන තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට සැකකරුවන් හතර දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබේ.
කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් ජිප් රථය නවතා තිබියදී කණ්ඩායමක් ජිප් රථය පැහැර ගෙන ගිය බව කොඩිකාමම් පොලීසිය කියයි.
එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් ජිප් රථය හඹා ගොස් සැකකරුවන් හා ජිප් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද පොලීසිය පැවසීය.
ඔවුන්ව යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS