නැගෙනහිර පළාතේ ජාතික ඒකාබද්ධතාවය ඇතිකරලීමට කඩිනමින් මධ්‍යස්ථානයක් පිහිටුවන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක ජාතික ඒකාබද්ධතා , රාජ්‍ය භාෂ...
නැගෙනහිර පළාතේ ජාතික ඒකාබද්ධතාවය ඇතිකරලීමට කඩිනමින් මධ්‍යස්ථානයක් පිහිටුවන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක ජාතික ඒකාබද්ධතා , රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති, හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේසන් මහතා පවසයි.
උතුරු පළාතේ කාර්යාලය කිළිනොච්චියේ ස්ථාපිත කර ඇති බවත් මේ කාර්යාලය කඩිනමින් මඩකලපුවේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා කියා සිටියේය.
මේ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් දමිළ පුද්ගලයින් සිංහල භාෂාවෙන් සන්නද්ධ කිරීමත් සිංහල පුද්ගලයන් දමිළ භාෂාවෙන් සන්නද්ධ කිරීමත් සිදු කෙරේ.
ජාතික ඒකාබද්ධතාව සංහිඳියාව අර්ථ දැක්වීම් සිදු කරමින් සිටීමෙන් පලක් නොවන බව කියා සිටි මනෝ ගනේෂන් මහතා වසර ගණනාවක් පුරා පැවැති ගැටලු වලට විසඳුම් ලබා දීම මෙන්ම සිංහල දමිළ ජාතීන් දෙකට අයත් පුද්ගලයන් ඔවුනොවුන් තේරුම් ගැනීමට ඇති පාලම වන භාෂාව ශක්තිමත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
ඉකුත් 12 වනදා මඩකලපුවේ මනෝ ගනේෂන් මහතාගේ විමධ්‍යගත අරමුදලින් සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සදහා පැවැති දිස්ත්‍රික් කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයේ දමිළ භාෂාවෙන් සන්නද්ධ වී සේවය සදහා පැමිණි හොරණ සහ කුරුණෑගල කාන්තාවන් ඇතුලු තරුණ නිලධාරීන් කිහිප දෙනෙකු සමග මනෝ ගනේෂන් මහතා දමිළ භාෂාවෙන් අදහස් හුවමාරු කර ගත්හ.
COMMENTS