හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ඉල්ලිමක් මතමෝටර් රථ පරිකෂකවරයා මෙම හදිසි පරිකෂාව අද 18 දින සිදුකරනු ලැබූ අතර මෙම පරිකෂාෙවිදි මෝටර් ...
හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ඉල්ලිමක් මතමෝටර් රථ පරිකෂකවරයා මෙම හදිසි පරිකෂාව අද 18 දින සිදුකරනු ලැබූ අතර මෙම පරිකෂාෙවිදි මෝටර් රථ ආඥා පනතේ වහාන නඩත්තු කිරිෙමි විදිවිදාන යටතේ කරුණු විසි එකක් කෙරෙහි මෝටර් රථ පරිකෂකවරයාගේ පරිකෂාවට ලක් කෙරිණි.
පරික්ෂාවේදී හදුනා ගැනුන නිසි නඩත්තුවකින් තොරව තිබිම හේතුවෙන් පාසල් සිසුන් හා ඇගලූමි සේවිකාවන් ප්‍රවහානය කරන වෑන් රථ සහ බස් රථ ගණාවක අඩුපාඩුකමි සපුරා ගැනිම සදහා එම වාහන හිමියන්ට දින දාහතරක කාලයක් ලබා දි එතෙක් එම වාහන තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරිකෂකවරයා විසින් පියවර ගත් අතර එතෙක් එම වාහනයේ ආදායමි බලපත්‍රය මෝටර් රථ පරිකෂකවරයාගේ භාරයට ගනු ලැබීය.
දින දාහතරක් ඇතුලත එම වෑන් රථයේ අඩුපාඩු සමිපුර්ණ කර යලිත් එම වෑන් රථ සහ බස් රථය මෝටර් රථ පරිකෂකවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු යලිත් පරිකෂා කර මෝටර් රථ පරිකෂකවරයා භාරයට ගත් ආදායමි බලපත්‍රය යලිත් වාහන හිමියාට ලබා දිමට නියමිතය. එසේ දින දාහතරක් ඇතුලත අඩුපාඩුකමි සපුරා මෝටර් රථ පරිකෂකවරයා වෙත ඉදිරිපත් නොකරන වෑන් රථ සහ බස් රථ හිමියන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට හැටන් රථ වාහන අංශයේ නිළධාරින් කටයුතු කරනු ඇත. මෝටර් රථ පරිකෂක ආර්.සේනාරත්න මහතා ගුනාත්මක ප්‍රවහාන සේවයක් පවත්වාගෙන යෑම මෙම හදිසි වාහන පරිකෂාවේ අරමුණ වී ඇත.
හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS