මේ වන විට ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ජනාධිපතිවරයා ඊට විමතිය පළ කර තිබේ. එම පිරිසේ එක්සත් ජාතික පක්ෂයේ සිටින අය...
මේ වන විට ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ජනාධිපතිවරයා ඊට විමතිය පළ කර තිබේ. එම පිරිසේ එක්සත් ජාතික පක්ෂයේ සිටින අය අතරින් තිදෙනෙකු පමණ පක්ෂයේ ප්‍රබලයන් බව සඳහන්.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවන අතර එයට හේතුව වී ඇත්තේ ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇති බවට සැකයක් මතු වීම යැයි ආරංචි මාර්ග අවධාරණය කරයි.
රාජ්‍ය මාධ්‍ය ආයතන හතර ඇතුළුව මාධ්‍ය ආයතන කිහිපයකගේ දුරකථන වලටද රහසිගතව සවන් දෙන බවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ ජංගම දුරකථනද එම ලැයිස්තුවේ ඇති බව සඳහන්.
මෙහි විශේෂත්වය වන්නේ ආණ්ඩුව පෙරළීම ගැන උදේ හවස කතා කරන ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුගේ හෝ දුරකථනයක් මේ ගොන්නට අයත් නොවීමයි.
මෙම තොරතුරු අනාවරණ වීමත් සමඟ ආණ්ඩුව තුළ විවාදකාරී තත්ත්වයක් මතුව ඇති අතර මේ ගැන ශ්‍රීලනිපයේ පිරිස ජනාධිපතිවරයාගෙන්ද ප්‍රශ්න කර තිබේ. ජනාධිපතිවරයාගෙන් පවා එය සැඟවීම බරපතල කාරණයක් බවයි ඊට මුහුණ දීමට සිදුව ඇති අමාත්‍යවරුන්ගේ අදහස් වන්නේ. රටේ ජනතාවට යහපාලනය ගැන නිරන්තරයෙන් පවසන අය මෙලෙස හැසිරීම ආණ්ඩුවේ සාමුහිකත්වය හා විශ්වාසය පළුදු කරන්නක් බව ඔවුහු පවසති.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS