අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ගේ යටිතල පහසුකම් හැකි ඉක්මනින් සංවර්ධනය කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණ...
අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ගේ යටිතල පහසුකම් හැකි ඉක්මනින් සංවර්ධනය කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටක් සංවර්ධනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා අපි කැපවෙලා මහන්සියෙන් වැඩකළ යුතු බව අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.
"අපිට පොඩ්ඩක් වැඩ නැතිවුණාම පැත්තකට වෙලා කසුකුසු ගානවා මිසක් රට ඉලක්ක කරලා වැඩකට යොමු වෙන්නේ නැහැ. අපේ තරුණ තරුණියන් ඒ අයට ප්‍රශ්නයක් ආවම ඒවා විසදන්න බැරිවුණම බෝඩ් ලෑලි අල්ලගෙන ලිප්ටන් වටරවුමේ කැරකෙනවා. ඉතින් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද. අවුරුදු 71කට කළින් මේ රටේ නිදහස ලබාගෙන මේ දක්වා අපි ඇවිත් තිබෙන්නේ ඉබිගමනින්. සුද්දා මේ රට අපිට දීලා ගියාට පස්සේ අපේ අතින් සංවර්ධනයක් සිදුවුනේ හෙමින් කියලා අපිට පේනවා. දැන් මේ අපේ රට කියලා හිතාගෙන, සිංහල, දෙමල, බර්ගර්, මුස්ලිම්, මැලේ කියලා බෙදීමක් ඇතිකරගන්නේ නැතිව, අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතලා රට සංවර්ධනය කරන්න එක් වියයුතුයි. මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න පුළුවන් මාර්ගයක් හැකි ඉක්මනින් ඇතිකළ යුතුයි "
"මුදල් ඇමති වශයෙන් කටයුතු කරන අවස්ථාවේ රටේ නිෂ්පාදනයෙන් 3.1% යි අධ්‍යාපනයට වෙන්කළේ. මම ධුර කාලය අවසන් වන විට එම අගය 4.8% දක්වා වර්ධනය කලා. ඒ ආකාරයෙන්ම තවදුරටත් වැඩිවෙලා අධ්‍යාපනය තුළින් ආයෝජනය කරන මුදල් තුළින් මේ රට සීග්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. රටක් සංවර්ධනය කරන්න බැහැ නිකන් බලාගෙන ඉදලා. ඒකට අපි කැපවෙලා මහන්සියෙන් වැඩකළ යුතුයි. ඒ සදහා හොදම උදාහරණය තමයි වසර 71 කට කලින් අපි නිදහස ලබාගන්නා අවස්ථාවේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 48යි. ඒ අවස්ථාවේ ජපානයේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 49 යි. නමුත් දැන් ජපානයේ ඒකපුද්ගල ආදායම 54100 යි. නමුත් දැන් අපේ ඒකපුද්ගල ආදායම 4200. අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකමක් නෙමෙයි. ඕනකමක් නැතිකම" යැයි පැවසීය.
COMMENTS