උතුරු පලාතේ ක්‍රියාත්මක “ආවා” නැමැති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය ...
උතුරු පලාතේ ක්‍රියාත්මක “ආවා” නැමැති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.
උතුරු පලාතේ ක්‍රියාත්මක “ආවා” නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තාවුණා. ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ. පහුගිය දවස් 02 ඇතුලත මීට අදාළ සිද්ධි 08 ක් වාර්තාවුණා. ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ලයන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතිරි සැකකරුවන් අල්ලන්න මේ වෙනකොට විශේෂ විමර්ශන සිදුකරනවා. ඒ විමර්ශන කටයුතු ඉක්මනින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වෙනවිට යාපනය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙනවා.
යාපනයේ විතරක් නෙවෙයි දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය අපි මේවන විටත් ආරම්භ කරලා ඉවරයි. විදේශවල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේවන විට හඳුනාගෙන තියෙනවා.ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියලුම පියවර ගැනීම දැන් සිදුකරමින් ඉන්නවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.
COMMENTS