බැදුම්කර වංචාව පිළිබඳ විමර්ශනය සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී කෝප් කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකු අර්ජුන් අලෝසියස් සමග ද...
බැදුම්කර වංචාව පිළිබඳ විමර්ශනය සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී කෝප් කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකු අර්ජුන් අලෝසියස් සමග දුරකතන සබඳතා පැවැත් වූ බවට ඊයේ(16) අනාවරණය විය.
ඒ අනුව අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා මෙලෙස අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබදතා පවත්වා ඇති බව එමගින් නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කර ඇත.
ඒ අනුව 2015 සහ 2017 වර්ෂ ඇතුළත පර්පෙචුවෙල් සමාගමේ අර්ජුන් ඇලෝෂියස් මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර සිදුව ඇති දුරකථන සංවාද සංඛ්‍යාව 387 කි.
මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කෝප් පරීක්ෂණය සිදුවු 2016 වසරේ ජුනි සහ ඔක්තෝබර් කාල සීමාවේ කෝප් සාමාජික, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ අර්ජුන් ඇලෝෂියස් මහතා අතර දුරකතන සංවාද 62 ක් සිදුව ඇතැයි හෙළි විය. අදාළ කාල සීමාව තුළ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් මහතා අතර සිදුව ඇති දුරකථන සංවාද සංඛ්‍යාව 23 කි.
එමෙන්ම අර්ජුන් ඇලෝෂියස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අතර එකී කාල සීමාව තුළ සිදුව ඇති දුරකථන සංවාද සංඛ්‍යාව 23 කි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ උප පොලිස් පරික්ෂකවරයකු, මෙම දුරකථන සංවාද පිළිබඳ සවිස්තර වාර්තාවක් ඊයේ කොමිසමට භාර දුන්නේ ය.
කෙසේ වුවද එ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ තමාට සාධාරණයක් ඉටු කරන ලෙස අර්ජුන් ඇලෝසියස් මහතා ඉල්ලා සිටියද එවැනි අවස්ථාවක් ලබාදිය නොහැකි බව ඔහුට ප්‍රකාශ කළ බවයි.
අර්ජුන් ඇලෝසියස් මහතා තමාට අවස්ථා දෙකකදී දුරකතන ඇමතුම් ලබාදී හමුවීමට අවශ්‍ය බව දැන්වූ බවත් ඒ අනුව තමා අර්ජුන් ඇලෝසියස් මහතා හමුවූ බවත් පැවසූ දයාසිරි ඇමැතිවරයා එහිදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට සාධාරණයක් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු නිර්දෝෂි බව ප්‍රකාශ කල බවත් කියා සිටියේය.
මේ අතර නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේ අර්ජුන් ඇලෝසියස් සමග තමා කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බවත් .
අර්ජුන් අලෝසියස් මහතා සමග අවස්ථා 62කදී පමණ දුරකතන සබඳතා පැවැත් වූ බවට සූජිව සේනසිංහ මහතා සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය විය. ඒ පිළිබඳ ඔහු ඔහු ඊට ප්‍රතිචාර දැක්වා නැත.
COMMENTS