නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ම...
නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කුලියාපිටිය බටහිර ප්‍රදේශයේ සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (18) සඳහන් කළේය.
ඇතැමුන් බිල්ලෙක් මවා රට පාවාදෙන බව පවසමින් රජයට පහර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විද්වතුන්ගේ සහ ඇතැම් පක්ෂවල වාර්තාවන් පමණක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත්, ව්‍යවස්ථාවක් සැකසීමට පෙර ඒ සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය ද ලබා ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
COMMENTS